Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.පී.එල්. ඇඳුම් ප්‍රමිතියට නැතිලු

එල්.පී.එල්. ඇඳුම් ප්‍රමිතියට නැතිලු

යොහාන් භාසුර - 2020 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26) ආරම්භ වූ ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට (එල්.පී.එල්.) සහභාගි වන ක්‍රීඩකයන්ට ලබාදී ඇති නිල ඇඳුම් කට්ටවල ඇතැම් ක්‍රීඩකයන්ගේ ඇඳුම් ප්‍රමිතියෙන් තොර බවට චෝදනා එල්ල වී තිබේ.  ජාතික කණ්ඩායම නියෝජනය කරන ඇතැම් ක්‍රීඩකයන් තමන්ට නිකුත් කරන ලද ප්‍රමිතියෙන් තොර ඇඳුම් ඇඳ සමාජ මාධ්‍යජාලාවල වීඩියෝ පළකර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සපයන්නකු මෙම කණ්ඩායම් පහේම ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට ඇඳුම් සැපයීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන තිබෙන බව වාර්තා වේ.
ක්‍රීඩකයන්ට ඊයේ නිල ඇඳුම් ලබාදී තිබූ අතර කණ්ඩායම් පහේම ඇතැම් ක්‍රීඩකයන්ගේ ඇඳුම්වල දෝෂ ඇති බව වාර්තා වේ. මෙම සිද්ධිය පිළිබඳව ක්‍රීඩකයකුගෙන් කළ විමසුමේදී පැවසුවේ ඇතැම් ක්‍රීඩකයන්ගේ ඇඳුම්වල මිම්ම ලබාගැනීමේ සිදුවූ දෝෂ දැකිය හැකි බවයි.

“ඇතැම් ක්‍රීඩකයන්ගේ කලිසම් නියමිත දිග ප්‍රමාණයට වඩා ගොඩක් අඩුයි. ඇතැම් කමිස ක්‍රීඩා කිරීමට හැකි තත්ත්වයක නෑ” යැයි එම ක්‍රීඩකයා වැඩි දුරටත් පැවසීය.

කණ්ඩායම්වලට ඇඳුම් සැපයීම සඳහා අනුග්‍රහකයන් ඉදිරිපත් වුවද එම ඉදිරිපත්වීම් ප්‍රතික්ෂේප කර අදාල කොන්ත්‍රාත්කරුට ලබාදී ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.  
 


අදහස් (0)

එල්.පී.එල්. ඇඳුම් ප්‍රමිතියට නැතිලු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.