Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ටීව් ස්මිත්

ස්ටීව් ස්මිත්

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් රාජස්ථාන් රෝයල්ස් වෙතින් නිදහස් කිරීමෙන් පසුව මේ වසරේ වෙන්දේසියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඩොලර් 300,000 කට මිලදී ගැනීමෙන් පසු නව ආරම්භයක් අපේක්ෂා කරයි.

පසුගිය වසරේ රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ ස්මිත්ට, නායක රිෂාබ් පන්ට්, ශිකර් ධවාන්, ප්‍රිත්වි ෂෝ සහ ෂිම්රන් හෙට්මයර් සමගින් දිල්ලි කණ්ඩායමේ ක්‍රීඩාකරන 11 දෙනා අතරට එක්වීම අසීරූ කටයුත්තක් වනු ඇත.

අයි.පී.එල්. තරග 95 කදී ලකුණු 2,333 ක් රැස් කර ඇති ඉහළ පෙළේ පිතිකරුවෙකු වන ස්මිත් කණ්ඩායමේ ස්ථානය දිනාගන්නේ නම් ඔහු ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට යෙදවීමට පුහුණුකරු රිකී පොන්ටිං මහතා බලාපොරොත්තුවෙන් සිටී.


අදහස් (0)

ස්ටීව් ස්මිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.