Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයේ හිටපු නායක ෂොයිබ් මලික් පසුගියදා ලාහෝර් නුවරදී සිදුවූ දරුණු රිය අනතුරකින් නූලෙන් බේරී ඇත. 38 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයා ලාහෝර් හි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ දී පැවැති පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) හයවැනි තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට සහභාගිවී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සාගේ සැමියා මෙන්ම එක්දරු පියකුද වන ෂොයිබ් මලික් පසුගිය දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවේදී පැවති එල්.පී.එල්. තරගාවලියේ යාපනය ස්ටැලියන්ස් පිල නියෝජනය කළේය.
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන මලික්, පී.එස්.එල් ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව නැවත සිය හෝටලයට ආපසු යමින් සිටියදී ඔහුගේ ක්‍රීඩා මෝටර් රථයේ පාලනය අහිමිවී ඇති අතර පසුව අවන් හලක් අසල නවතා තිබූ ට්‍රක් රථයක ගැටී තිබුණි.
පාකිස්තානයේ රූපවාහිනි සේවයක වාර්තාවකට අනුව, මලික් අනතුර සිදුවන විට වහබ් රියාස්ගේ මෝටර් රථය පසුකර යාමට උත්සාහ කරමින් සිට ඇත. අනතුරක් වළක්වා ගැනීමට ඔහු උපරිම උත්සාහයක් ගෙන ඇති අතර ඔහු තුවාල නොවී බේරී ගිය නමුත් ඔහුගේ මිල අධික රේසිං වර්ගයට අයත් මෝටර් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
”මම හොඳින් සිටිනවා. එය අනතුරක් පමණයි. සර්වබලධාරී දෙවියන් මාත් සමග ඉන්නවා.”
“මෙහි පැමිණි ඔබ සැමට ස්තූතියි. සියලුදෙනාගේ ආදරය හා සැලකිල්ල ගැන මම බෙහෙවින් කෘතඥ වෙනවා..” යැයි ෂොයිබ් මලික් විසින් සිය නිල ටිවිටර් ගිණුමේ සටහනක් යොදා තිබුණි.
“අනතුරෙන් පස්සේ ෂොයිබ් මලික් මහත්තයා එතැන ඉඳගෙන සිටියා. ඔහු එම ස්ථානයේ සිටින අතර මම ඔහුව වීඩියෝ කිරීමට උත්සාහ කළ නමුත් ඔහු එසේ නොකරන ලෙස මගෙන් ඉල්ලා සිටියා” යැයි මෙම අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පැවසුවේය.
2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගත් මලික්, විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තවමත් කටයුතු කරයි. 2021 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තානු කණ්ඩායමට ඇතුළත් වීමේ අරමුණින් පසුවන මලික් මීළඟ පාකිස්තානු සුපිරි ලීග් තරගාවලියේදී උපරිම දස්කම් පෙන්වීමට බලාපොරොත්තුවෙන් සිටී.
පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ පෙෂාවර් සල්මි කණ්ඩායම විසින් ඔහු රඳවා ගනු ලැබ ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.