Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාරිස්ටෙලා විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

මාරිස්ටෙලා විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර ගම්පොල වික්‍රමබාහු මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී මාරිස්ටෙලා විදුහලේ තරිඳු මධුවන්ත (50) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම තිළිණ පෙරේරා ලකුණු 75 කට කඩුලු 6 ක් දවාගත්තේය. ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් චරිත් රාජගුරු ලකුණු 66 කට කඩුලු 7 ක්ද, ශෂික බස්නායක 124 කට කඩුලු 6 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 207
(තරිඳු මධුවන්ත 50, ආමන්ත පෙරේරා 32, චෙමිඳු වීරවංශ 28, ශාන් දුලාර 32, චරිත් රාජගුරු 31/4, ශෂික බස්නායක 64/3)

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 55.1 කදී සියලු දෙනා දැවී 184
(චරිත් රාජගුරු 40, චන්දුල ජයකොඩි 31, මලිත් ලක්ෂාන් 29, මික්ඩාඞ් මොහොමඞ් 22, තිළිණ පෙරේරා 64/4, සංදීප ප්‍රනාන්දු 48/3, නවීන් ප්‍රනාන්දු 26/2)

මාරිස්ටෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 152
(නවීන් ප්‍රනාන්දු 49, පසිඳු ශාමන් 21, චරිත් රාජගුරු 35/3, ශෂික බස්නායක 60/3)

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 21 කදී කඩුලු 4 ක් දැවී 41
(මොහොමඞ් රීසා 22, තිළිණ පෙරේරා 11/2, සංදීප ප්‍රනාන්දු 25/2)


-036

 


අදහස් (0)

මාරිස්ටෙලා විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.