Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිස් ගේල් මුනිවත රකී

ක්‍රිස් ගේල් මුනිවත රකී

යොහාන් භාසුර - 2020 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී (එල්.පී.එල්.) මහනුවර ටස්කර්ස් පිල නියෝජනය කිරීමට සූදානමින් සිටි කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් එම තරගාවලියට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දැනගන්නට තිබේ. මහනුවර ටස්කර්ස් පිලේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව ඊයේ (17) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ ගේල් තරගාවලියට සහභාගි වන බව පැවසුව ද ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් දන්වා නොමැති බවයි.

“ක්‍රිස් ගේල් තරගාවලියට සහභාගි වන බව ස්ථිර කරලා තියෙනවා. නමුත් ඔහු පැමිණෙන දිනයක් තවම කියලා නෑ. ඔහු සම්පූර්ණ තරගාවලියට ක්‍රීඩා කරනවා නම් ඉදිරි දින දෙක තුළ පැමිණිය යුතුයි”

“අපේ කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයන් අතරින් ඉර්ෆාන් පතන් සහ ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයන් දෙදෙනා පැමිණ සිටිනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

විදේශීය ක්‍රීඩකයන් තරගාවලිය ආරම්භයේ සිට තරගවලට සහභාගි වන්නේ නම් අවම වශයෙන් අද (18) රාත්‍රිය වන විටවත් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුය. ක්‍රිස් ගේල් සහ මහනුවර කණ්ඩායමේ හිමිකරුවන් අතර තරගාවලි ගාස්තුව පිළිබඳව ගැටලුවක් පවතින බව දැනගන්නට තිබේ.

මහනුවර පිලේ ප්‍රධාන විදේශීය ක්‍රීඩකයකු වන ක්‍රිස් ගේල්ට ඩොලර් 50,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 90 කට අධික මුදලක් ගෙවීමට ටස්කර්ස් පිල සූදානමින් සිටී. එහෙත් ගේල් එම මුදලට තරගාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු ඩොලර් 100,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 180 ක් ඉල්ලා සිටින බවත් දැනගන්නට තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කොළඹ කිංග්ස් පිල නියෝජනය කරන කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩි්‍ර රසල් ඊයේ (17) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ කණ්ඩායමේ ප්‍රකාශයකු පැවසීය.


අදහස් (0)

ක්‍රිස් ගේල් මුනිවත රකී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.