Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉදිරි නිලවරණයේදී සභාපති ධූරය සඳහා නැවතත් තරග කිරීමට සූදානම්ව සිටි එහි වර්තමාන සභාපති ලසිත ගුණරත්න මහතා ඉන් ඉවත්වීමට තීරණය කර ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. ලසිත ගුණරත්න සහ වර්තමාන උප සභාපති වන රිස්වි ඉල්ලියාස් යන මහත්වරු සභාපති ධූරය සඳහා ඉදිරිපත් වීමට ක්‍රීඩා සමාජ සමඟ කටයුතු කරමින් සිටියහ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ විධායක කමිටුව පෙරේදා (07) පස්වරුවේ රැස්වූ අතර එම රැස්වීම තරමක විවාදාත්මක ස්රූපයක්ගත් බව රග්බි ක්ෂේත්‍රයේ කථා බහට ලක්ව තිබේ. එහිදී ගුණරත්න මහතා තමන් සභාපති ධූරයට තරග නොකරන බවට ඉඟිපළ කළ බව ද වාර්තා වේ.
ලසිත ගුණරත්න මහතාගෙන් මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ තම තීරණය ඉදිරි දින කීපයේදී ප්‍රකාශ කරන බවයි.
ඉදිරි වසර දෙකක් සඳහා රග්බි පරිපාලන නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණය අගෝස්තු මස 29 වැනිදා පැවැත්වීමට නියමිත අතර මේ මස 20 වැනිදා නාමයෝජනා බාරගැනීම අවසන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.