Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විශාකාපත්නම්හිදී ඊයේ (6 වැනිදා) අවසන්වූ පළමු ටෙස්ට් තරගයේදී හයේ පහර 37 ක් වාර්තාවූ අතර ටෙස්ට් තරග ඉතිහාසයේ එක් තරගයකදී වාර්තාවූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස එය වාර්තා පොත් අතරට එක්විය.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකෙහිදීම ශතක (176 සහ 127) ලබාගත් රෝහිත් ශර්මා ටෙස්ට් තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ගැසූ පිතිකරුවා වශයෙන් නව වාර්තාවත් තැබීය. පළමු ඉනිමේදී හයේ පහර 6 ක් ගැසූ ශර්මා දෙවැනි ඉනිමේදී හයේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.
1996 වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව හයේ පහර 12 ක් සිය ඉනිමට ඇතුළත් කරමින් නොදැවී ද්විත්ව ශතකයක් ලබාගත් වසීම් අක්‍රම් ටෙස්ට් ඉනිමකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ගැසූ පිතිකරුවාගේ වාර්තාවට මින්පෙර හිමිකම් කීවේය.
දකුණු අප්‍රිකාවේ ඩේන් පීඩ්ට් ඉන්දියාවේ රවින්ද්‍ර ජදේජා හමුවේ මිඩ්විකට් කලාපයට ඉහළින් ගැසූ හයේ පහරත් සමගින් ටෙස්ට් තරගයකදී කණ්ඩායම් 2 ක් ලබාගත් වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව අලුත් විය. කගිසෝ රබාඩා ලබාගත් අවසන් හයේ පහර 37 වැනි හයේ පහර ලෙස සටහන් විය.
2014-15 තරග වාරයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර සාජාහිදී පැවැති තරගයකදී දෙපිලේම පිතිකරුවන්ගෙන් හයේ පහර 35 ක් වාර්තාවී තිබිණ. එම වාර්තාව දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනයේදි බිඳවැටුණි.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.