Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රොහාන්ගේ දස්කම් තිස්ස විදුහලට ජය ගෙනෙයි

රොහාන්ගේ දස්කම් තිස්ස විදුහලට ජය ගෙනෙයි

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කළුතර තිස්ස මැදි විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර තිස්ස මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 108 ජයක් අත්කර ගැනීමට තිස්ස මැදි විදුහල සමත් විය.

එහිදී තිස්ස මැදි විදුහලේ රොහාන් සංජය ලකුණු 52 ක් රැස්කරමින් සහ ලකුණු 92 කට කඩලු 8 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

තිස්ස මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලු දෙනා දැවී 202
(රොහාන් සංජය 52, ඉරන්ද දෙව්මිත් නොදැවී 50, ජනිත් ලක්රුවන් 22, දිදිල කුලරත්න 50/4, විදත්රූ සුභසිංහ 43/2, දුල්සර මධුෂංක 49/2)

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 50.5 කදී සියලු දෙනා දැවී 119
(කවිදු සෙනරත් 49, රොහාන් සංජය 38/4, සුසර ඉඳුවර 11/3, දනුක නිෂාද් 14/2)

තිස්ස මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31 කදී කඩුලු 7 දැවී 175
(රන්දුල දසුන් 51, චමල් සාරංග නොදැවී 27, අවිශ්ක දේවින්ද නොදැවී 27, රවිෂ්ක ලක්ෂාන් 83/7)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී 150
(කවිඳු සෙනරත් 33, දිදුල කුලරත්න 22, රවිෂ්ක ලක්ෂාන් නොදැවී 20, දනුක නිෂාද් 46/4 රොහාන් සංජය 54/4)

-036


අදහස් (0)

රොහාන්ගේ දස්කම් තිස්ස විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.