Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

editorial - 2019 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරාගාවලිය නිමා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වීමට නියමිත මීළඟ ජාත්‍යන්තර තරගාවලිය වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මේ මස මස 26 වැනිදා ආරම්භ වේ.  

එක්දින තරග 3 කින් සමන්විත එම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම මේ මස 23 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතව ඇති අතර දින 10 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. මේ මස 26, 28 සහ 31 යන දිනවලදී පැවැත්වීමට නියමිත මෙම තරග තුනම දිවා/රාත්‍රී තරග ලෙස පැවැත්වේ.

මෙම තරගාවලියේ සියළුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තරගාවලිය නිමාවීමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම අගෝස්තු මස 1 වැනිදා නැවතත් සිය රට බලා පිටත්ව යෑමට නියමිතය.


තරග කාල සටහන

ජූලි 26 වැනිදා - පළමු එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජූලි 28 වැනිදා - දෙවැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජූලි 31 වැනිදා - තෙවැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

-036

 


අදහස් (0)

බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.