Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පොලිසිය කඩුල්ල පනී

පොලිසිය කඩුල්ල පනී

editorial - 2020 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඬුවම් පහර 4-2 කින් බ්ලූ ස්ටාර් පිල පරාජය කළ පොලිස් ක්‍රීඩකයෝ ලබන සෙනසුරාදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. පොලිස් කණ්ඩායම සහ බ්ලූ ස්ටාර්ස් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගය ඊයේ (1 වැනිදා)  කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණ.

තරගයේ පළමු අර්ධය නිමා වන විට දෙපිලම ගෝල ලබා නොසිටි අතර සම්පූර්ණ තරග කාලය නිමා වූයේද දෙපිලේම ක්‍රීඩකයකුට ගෝලයක් ලබාගැනීමේ අවස්ථාව නොදෙමිනි. පසුව දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය කෙරිණ.

චතුර ගුණරත්න, එල්. කේ. ලංකේෂ්වර, චාමික කුමාර සහ ජේ. ආර්. මොහොමඞ් පොලිස් පිල වෙනුවෙන් පොලිස් පිල වෙනුවෙන් දඬුවම් පහර සාර්ථක කරගත්හ. එල්. ටී. සිල්වා සහ මොහොමඞ් රිනාෆ් බ්ලූ ස්ටාර්ස් පිල වෙනුවෙන් දඬුවම් පහර සාර්ථක කරගත්හ.

තරගාවලියේ අවසන් මහ තරගය ලබන සිකුරාදා (7 වැනිදා) පොලිසිය සහ සෝන්ඩර්ස් පිල අතර පැවැත්වේ.

..

ඡායාරූප - ගයාන් අමරසේකර


අදහස් (0)

පොලිසිය කඩුල්ල පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.