Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic හේලීස් පිලට කඩුලු 5 ක ජයක්

හේලීස් පිලට කඩුලු 5 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයකදී ජෝන් කීල්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට හේලීස් පිල අද (22 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

කාසියේ වාසිය දිනූ හේලීස් පිල පළමුව පන්දුවට පහරදීමට ජෝන් කීල්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 197 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

භානුක රාජපක්ෂ අර්ධ ශතකයක් (61) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ජෙහාන් ඩැනියෙල් ලකුණු 43 ක් ලබාගනිමින් ජෝන් කීල්ස් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය. ළහිරු මිලන්ත ලකුණු 20 ක් ලබාගත්තේය.

චතුරංග ද සිල්වා ලකුණු 37 කට කඩුලු 3 ක් සහ ළහිරු සමරකෝන් ලකුණු 50 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය හේලීස් පිල ඕවර 18.4 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ළහිරු සමරකෝන් අර්ධ ශතකයක් (65) ලබාගනිමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දුන් අතර කිත්රුවන් විතානගේ නොදැවී ලකුණු 48 ක් සහ චතුරංග ද සිල්වා නොදැවී ලකුණු 33 ක් රැස්කරමින් හේලීස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. රොන් චන්ද්‍රගුප්ත ලකුණු 33 ක් ලබාගනිමින් හේලීස් පිලේ ජයග්‍රහණයට දායකත්වය ලබාදුන්නේය.

ජෝන් කීල්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 197
(භානුක රාජපක්ෂ 61, ජෙහාන් ඩැනියෙල් 43, ළහිරු මිලන්ත 20, චතුරංග ද සිල්වා 37/3, ළහිරු සමරකෝන් 50/2)

හේලීස් - ඕවර 18.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 198
(ළහිරු සමරකෝන් 65, කිත්රුවන් විතානගේ නොදැවී 48, චතුරංග ද සිල්වා නොදැවී 33, රොන් චන්ද්‍රගුප්ත 33, ජෙහාන් ඩැනියෙල් 44/2)


අදහස් (0)

හේලීස් පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.