Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංගට - ඉසුරු උදානට කෝටි 6 ක්

මාලිංගට - ඉසුරු උදානට කෝටි 6 ක්

editorial - 2019 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන කැරිබියන් ප්‍රීමියර් ලීග් (සී.පී.එල්.) 2019 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ඩොලර් 160,000 ක් හෙවත් රුපියල් කෝටි 2.8 ක් බැගින් මුදලකට වෙන්කරගෙන තිබේ. ඒ අනුව මෙම දෙදෙනාට කෝටි හයකට ආසන්න වටිනාමක් හිමිව තිබේ.

මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලන්ඩන්හිදී පැවැති අතර එහිදී නම් ඉදිරිපත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 34 දෙනාගෙන් පස්දෙනෙක් කණ්ඩායම්වලට ඇතුළත්ව සිටිති.

ලසිත් මාලිංග, ටී කිට්ස් පිලටද,  ඉසුරු උදාන ශාන්ත ලුසියා ස්ටාර්ස් පිලටද තෝරාගනු ලැබ ඇත. තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න සහ නිරෝෂන් දික්වැල්ල තිදෙනා ද මෙම තරගාවලියට ඇතුළත්ව සිටිති.

මෙවර තරගාවලිය අගෝස්තු මස 21 වැනිදා සිට සැප්තැම්බර් මස 27 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වේ.


- 048

 


අදහස් (0)

මාලිංගට - ඉසුරු උදානට කෝටි 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.