Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 44 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තනය අද (10 වැනිදා) සමත් විය.
ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 222 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් බංග්ලාදේශ කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 168 ක් පමණි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොමිනුල් හක් හතරේ පහර 5 ක් සමග ලකුණු 41 ක් ලබාගත්තේය.
තෙවැනි දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 126 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි. අද දිනයේදී බිඳවැටුණ කඩුලු 4 න් දෙකකටම හිමිකම් කී යසීර් ෂා, දෙවැනි ඉනිමේදී තමා දවාගත් කඩුලු සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ දමාගත්තේය.
මුලු ලකුණු සංඛ්‍යාව 130 ක් වන විට දිනයේ පළමු කඩුල්ල ලෙස මොමිනුල් හක් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට ශහීන් අෆ්රිඩි සමත් විය. ඉන් අනතුරුව හුදෙකලා පිතිහරඹයක නිරත වූ ලිටන් දාස් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක් රැස්කළේය. දාස් දැවී ගියේ යසීර් ෂාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 233
(නජ්මුල් හොසේන් 44, මොමිනුල් හක් 30, මහමදුල්ලා රියාද් 25, මොහොමඞ් මිතුන් 63, ලිටන් දාස් 33, තයිජුල් ඉස්ලාම් 24, ශහීන් අෆ්රිඩි 53/4, හාරිස් සොහේල් 11/2, මොහොමඞ් අබ්බාස් 19/2)
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 445
(ශාන් මසූද් 100, අසාර් අලී 34, බාබර් අසාම් 143, අසාද් ශෆීක් 65, හාරිස් සොහේල් 75, අබූ ජයේද් 86/3, රුබෙල් හොසේන් 113/3, තයිජුල් ඉස්ලාම් 139/2)
බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 168
(ටමීම් ඉක්බාල් 34, සයිෆ් හසන් 16, නජ්මුල් හොසේන් 38, මොමිනුල් හක් 41, ලිටන් දාස් 29, නසීම් ෂා 26/4, යසීර් ෂා 58/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.