Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව අඟහරුවාදා (20 වැනිදා) ඩුබායිහිදී පැවැති අයි.පී.එල්. තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට කිංග්ස් XI පන්ජාබ් ක්‍රීඩකයෝ සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් ක්‍රීඩකයෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
මෙම තරගයේදී පරාජයට පත්වුවද, තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටීමට දිල්ලි කණ්ඩායමට අවස්ථාව රඳවාගත්තේය.
මේ වන විට තරග 10 කට ක්‍රීඩා කර ඇති දිල්ලි කණ්ඩායම, ඉන් තරග 7 ක් ජයගෙන 3 ක් පරාජය වී ලකුණු 14 ක් ලබා සිටියි. මෙවර තරගාවලියේදී සිය සිවුවැනි ජයග්‍රහණය වාර්තා කළ පන්ජාබ් කණ්ඩායම, එම ජයත් සමග ලකුණු 8 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වේගවත් පිතිහරඹයක නිරත වූ නිකලස් පූරන් පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 53 ක් රැස්කරමින් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. ක්‍රිස් ගේල් පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක්ද, ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 24 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 61 කදී නොදැවී ලකුණු 106 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමගිනි. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී පන්ජාබ් පන්දු යවන්නන්ට දිගින් දිගටම පහරදුන් ධවාන්, ඕවර 20 අවසානයේ සිය කණ්ඩායම ලකුණු 164 ක් දක්වා ඔසවා තැබීය.
දිල්ලි කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 5 කට 164
(ශිකාර් ධාවන් නොදැවී 106, ශ්‍රෙයාස් අයියර් 14, රිශාබ් පාන්ට් 14, මොහොමඩ් ශාමි 28/2)
කිංග්ස් XI පන්ජාබ් - ඕවර 19 කදී කඩුලු 5 කට 167
(ලොකේෂ් රාහුල් 15, ක්‍රිස් ගේල් 29, නිකලස් පූරන් 53, ග්ලේන් මැක්ස්වෙල් 32, දීපක් හූඩා නොදැවී 15, කගිසෝ රබාඩා 27/2)
-036
(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.