Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නව පුහුණුකරු මිකී ආතර්

නව පුහුණුකරු මිකී ආතර්

යොහාන් භාසුර - 2019 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයේ කටයුතු ආරම්භ කිරීම සඳහා දෙසැම්බර් මස 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පළමු පෙළ තරග 110 කට සහභාගි වී ඇති 51 හැවිරිදි මිකී ආතර් මහතා පාකිස්තානු ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ෂේන් මැක්ඩොමට් මහතා පත්කර තිබේ. පාකිස්තානයේදී ලබන දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ සිට මිකී ආතර් සහ ෂේන් මැක්ඩොමට් යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි චන්දික හතුරුසිංහ මහතාගේ සේවය පසුගිය අගෝස්තු මස අත්හිටුවීමෙන් පසුව ස්ථිර ප්‍රධාන පුහුණුකරුවකු නොමැතිව ශ්‍රී ලංකා පිල සංචාර කීපයකට සහභාගි විය.

එංගලන්තයේදී පසුගිය ජූලි මස අවසන් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයේ ගිවිසුම් කාලය අවසන් වූ අතර සියලුම පුහුණුකරුවන් ඉවත්කිරීමට ක්‍රිකට් බලධාරිහූ පියවර ගත්හ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ දේශීය අංශයේ ප්‍රධානී තනතුරට ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන ටිම් මැකැස්කිල් මහතා පත්කිරීමට ද ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස අංසක ගුරුසිංහ මහතා මීට පෙර කටයුතු කළ අතර ඒ මහතාගේ සේවා ගිවිසුම ද මීට මාස තුනකට පමණ පෙර අවසන් විය.  ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර අංශ ප්‍රධානී ලෙස ජෙරම් ජයරත්න මහතා මේ වන විට කටයුතු කරයි.   

 


අදහස් (0)

නව පුහුණුකරු මිකී ආතර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.