Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු පිල අසීරු අඩියක

දකුණු අප්‍රිකානු පිල අසීරු අඩියක

editorial - 2020 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (25 වැනිදා) නිමාවන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 88 කට කඩුලු 6 ක් දැවී ඉතා අසීරු තත්වයකට පත්ව සිටියේය.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක් අතැතිව එංගලන්තයට වඩා තවත් ලකුණු 312 ක් පසුපසින් සිටින අතර ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ක්වින්ටින් ඩි’කොක් නොදැවී ලකුණු 32 ක් ලබා සිටියේය. මාක් වුඞ්ගේ පන්දුවක් හමුවේ ජෝ ඩෙන්ලි අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 6 ක් ලබා සිටි ඇන්රිච් නොට්ජේ දැවී යෑමත් සමග දෙවැනි දිනය සඳහා තරගය නරත කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.

දකුණු අප්‍රිකානු ඉනිමේ බිඳවැටුණ කඩුලු 6 න් 3 කටම හිමිකම් කීමට මාක් වුඞ් සමත් වූ අතර ඔහුගේ පන්දු හමුවේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් පීටර් මැලන්ද (15), බෙන් ස්ටෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් ටෙම්බා බවුමාද (6) පිටියෙන් ඉවත්ව ගියහ.

ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් වෝස්ක් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ආරම්භක පිතිකරු ඩීන් එල්ගා හතරේ පහර 5 ක් සමග ලකුණු 26 ක් ලබා සිටියේය. නායක ෆෆ් ඩුප්ලෙසී ලකුණු 3 කට දැවී ගියේ ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටොක්ස් අතට උඩ පන්දුවක් දෙමින් රාසි පැන්ඩර් ඩසන් ලකුණු නොළබා දැවී ගියේය.

පළමු දිනය වූ පෙරේදා (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 208 ක් එක්කර ගත්තේය. එහිදී නායක ජෝ රූට් (59) සහ ඔලී පෝප් (56) අර්ධ ශතක ලබාගනිමින් එංගලන්ත ඉනිමට නව ජවයක් එක් කළහ.

මුලු ලකුණු සංඛ්‍යාව 309 ක් වන විට එංගලන්ත කණ්ඩායමේ 9 වැනි කඩුල්ලත් බිඳවැටුණ අතර එතැන් පටන් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මාක් වුඩ් (නොදැවී 35) සහ ස්ටුවට් බ්‍රෝඞ් (43) සමත් වූහ. වුඩ් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින්ද, බ්‍රෝඩ් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින්ද ලකුණු රැස්කළහ.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 400
(සැක් ක්‍රොව්ලි 66, ඩොමිනික් සිබ්ලි 44, ජෝ ඩෙන්ලි 27, ජෝ රූට් 59, ඔලී පෝප් 56, ජොස් බට්ලර් 20, ක්‍රිස් වොක්ස් 32, මාක් වුඞ් නොදැවී 35, ස්ටුවට් බ්‍රෝඩ් 43, ඇන්රිච් නොට්ජේ 110/5, වර්නන් පිලැන්ඩර් 50/2, ඩේන් පීටර්සන් 86/2)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 88  
(ඩීන් එල්ගා 26, පීටර් මැලන් 15, ක්වින්ටින් ඩි’කොක් නොදැවී 32, මාක් වුඩ් 21/3)

-036

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු පිල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.