Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරංග - අසේල ශ්‍රී ලංකාව දිනවති

තරංග - අසේල ශ්‍රී ලංකාව දිනවති

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උපුල් තරංග (120) සහ අසේල ගුණරත්න (64) එක්ව තෙවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 198 ක සම්බන්ධතාව හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති පළමු පුහුණු තරගය කඩුලු 2 කින් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල සමත්විය.

ලකුණු 1 කට කඩුලු 2 ක් දැවී තිබියදී තෙවැනි කඩුල්ල සඳහා එක්වූ උපුල් තරංග සහ අසේල ගුණරත්න පන්දු 196 කදී ලකුණු 198 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිලට ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමා දුන්හ.

මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වුවද කඩලු 8 ක් දැවී තිබියදී පසුපෙළ ක්‍රීඩකයන්වූ තික්‍ෂිල ද සිල්වා සහ පුලින තරංග එක්ව 9 වැනි කඩුල්ල සඳහා පන්දු 26 කදී ලකුණු 30 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

දක්ෂ පිතිහරඹයක නිරතවූ උපුල් තරංග ලකුණු 120 ක් රැස්කර සිටියදී ෆේබියන් ඇලන්ගේ පන්දුවකට රිවර්ස් ස්විප් පහරක් ගැසීමට යාමේදී පිත්තේ නොවැදුණු පන්දුව කඩුල්ල සොයා ගියේය. පන්දු 124 කට මුහුණදුන් තරංගගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 16 කින් අලංකාර විය. උපුල් තරංග අර්ධ ශතකය පන්දු 55 කදී ලබාගත් අතර ශතකය පන්දු 113 කදී වාර්තා විය.

අසේල ගුණරත්න පන්දු 75 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 64 ක් ලබාගනිමින් තරංගට අනගි සහයක් ලබාදුන්නේය. තික්‍ෂිල ද සිල්වා පන්දු 23 කදී හයේ පහරක් සමගින් ලකුණු 25 ක් සහ පුලින තරංග පන්දු 11 කදී හතරේ පහරක් සමගින් ලකුණු 11 ක් ලබාගැනීමට සමත්වූහ. කොදෙව් නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකු යොදා ගත්තද සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට අපොහොසත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 49.4 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 282 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ඩැරන් බ්‍රාවෝ පන්දු 88 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 100 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත් විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොළබාම පිටියෙන් ඉවත් වීමත් සමග තෙවැනි කඩුල්ල සඳහා එක්වූ සුනිල් ඇම්බි්‍රස් සමගින් පන්දු 115 කදී ලකුණු 113 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඩැරන් බ්‍රාවෝ සිව්වැනි කඩුල්ලට නිකලස් පූරන් සමගින්ද පන්දු 71 කදී තවත් ලකුණු 79 ක සම්බන්ධතාවයක් පවත්වමින් කොදෙව් ඉනිම ගොඩනැගීමට සමත්වූහ.

පුලින තරංග යවන ලද 35 වැනි ඕවරයේ පළමු පන්දුවට පහරක් ගැසීමට නිකලස් පූරන් උත්සහ කළත් පිත්තේ නොවැදුණු පන්දුව කඩුලු රකින්නා වෙත ගියද පහර ගැසීමට යාමේදී කොන්දේ ආබාධයකට ලක්වූ ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ වනවිට පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් ලබාගැනීමට පූරන්ට හැකිවිය.

ජේසන් හෝල්ඩර් පන්දු 17 කදී හයේ පහරක් සමගින් ලකුණු 22 ක් සහ ෆේබියන් ඇලන් පන්දු 25 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 28 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා පන්ද යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිලේ නායක උපුල් තරංග පන්දු යවන්නන් 8 දෙනෙකු යොදා ගත්තද සාර්ථක ප්‍රතිඵල නෙලාගැනීමට හැකිවූයේ අසිත ප්‍රනාන්දුට සහ ඩිල්ෂාන් මධුශංකට පමණි. ඩිල්ෂාන් මධුශංක ලකුණු 47 කට කඩුලු 3 ක් සහ අසිත ප්‍රනාන්දු ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර තික්‍ෂිල ද සිල්වා, කවිඳු නදීෂාන් සහ පුලින තරංග අතර කඩුල්ල බැගින් බෙදී ගියේය.

ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් ඉනිම
ෂායි හෝප් - ක.මු.කළා ප.ප්‍රනාන්දු     0
බ්‍රැන්ඩන් කිංග් - ක.මු.කළා ප.මධුෂංක    0
ඩැරන් බ්‍රාවෝ - පිටියෙන් ඉවත් වුනා    100
සුනිල් ඇම්බ්‍රෙස් - ක.මු.කළා ප.නදීශාන්    41
නිකලස් පූරන් - පිටියෙන් ඉවත් වුනා    41
රොස්ටන් චේස් - ප.තරංග    11
රෝමන් පවෙල් - ඇ.ගුණරත්න ප.තික්‍ෂිල    19
ජේසන් හෝල්ඩර් - ඇ.තික්‍ෂිල ප.මධුශංක    22
ෆේබියන් ඇලන් - ප.ප්‍රනාන්දු    28
කීරන් පොලාඞ් - ඇ.නදීෂාන් ප.මධුශංක    2
කීමෝ පෝල් - නොදැවී    3
අතිරේක    15
ඕවර 49.4 කදී සියලුදෙනා දැවී    282
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
ශෙල්ඩන් කොට්ට්‍රේල්, අල්සාරී ජෝසප්, රොමාරියෝ ශෙපර්ඩ්, හේඩ්න් වෝල්ෂ්.
කඩුලු වැටීම
1-1(කිංග්), 2-3(හෝප්), 3-116(ඇම්බ්‍රෙස්), 4-195(බ්‍රාවෝ), 5-224(චේස්), 6-232(පවෙල්), 7-260(හෝල්ඩර්), 8-274(පොලාඩ්), 9-282(ඇලන්)
පන්දු යැවීම
අසිත ප්‍රනාන්දු : 6.4-2-17-2, දිල්ෂාන් මධුෂංක : 7-1-47-3, තික්ෂිල ද සිල්වා : 5-0-30-1, තරිඳු කෞෂාල් : 5-0-27-0, සචිඳු කොළඹගේ : 7-0-46-0, අසේල ගුණරත්න     : 5-0-18-0, කවිඳු නදීෂාන් : 6-1-48-1, පුලින තරංග : 8-0-42-1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉනිම
සඳුන් වීරක්කොඩි - ක.මු.කළා ප.කොට්ට්‍රේල් 0
උපුල් තරංග - ප.ඇලන්    120
පැතුම් නිස්සංක - ඇ.හෝප් ප. කොට්ට්‍රේල් 0
අසේල ගුණරත්න - දුවද්දී දැවී ගියා     64
ඇන්ජලෝ පෙරේරා - ඇ. සහ ප.ඇලන්    12
සධීර සමරවික්‍රම - ඇ.හෝප් ප.පෝල්    0
ළහිරු උදාර - ඇ.කොට්ට්‍රේල් ප.වෝල්ෂ්    22
අෂේන් බණ්ඩාර - ප.වෝල්ෂ්    4
තික්‍ෂිල ද සිල්වා - නොදැවී    25
පුලින තරංග - නොදැවී    11
අතිරේක    25
ඕවර 47.3 කදී කඩුලු 8 දැවී    283
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුශංක,තරිඳු කෞෂාල්, කවිඳු නදීෂාන්, සචිඳු කොළඹගේ.
කඩුලු වැටීම
1-0(වීරක්කොඩි), 2-1(නිස්සංක), 3-199(උපුල් තරංග), 4-211(ගුණරත්න), 5-218(සමරවික්‍රම), 6-222(ඇන්ජලෝ), 7-236(බණ්ඩාර), 8-253(උදාර)
පන්දු යැවීම
ශෙල්ඩන් කොට්ට්‍රේල් : 4-0-22-2, ජේසන් හෝල්ඩර් : 4-0-11-0, කීමෝ පෝල් : 7-0-56-1, රොමාරියෝ ශෙපර්ඩ් : 3-0-21-0, අල්සාරී ජෝසප් : 4-0-13-0, රොස්ටන් චේස් : 7.3-0-37-0, හේඩ්න් වෝල්ෂ් : 8-0-52-2, ෆේබියන් ඇලන් : 10-0-62-2

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

තරංග - අසේල ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.