Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජොෆ්රාට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

ජොෆ්රාට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

දමින්ද විජේසූරිය - 2020 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත තේරීම් කමිටුව විසින් මෑතකදී සොයාගන්නා ලද දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයා වන ජොෆ්රා ආචර්ගේ දකුණු වැලමිට සන්ධියේ ඇතිවූ සුළු පිපිරීමක් හේතුවෙන් ඉදිරි මාස හතරක කාලය තුළ ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදුව තිබේ. මෙම ආබාධය හේතුවෙන් එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය මෙන්ම අයි.පී.එල්. තරගාවලියද ඔහුට අහිමි වනු ඇත.

මේ වන විට 24 හැවිරිදි වියේ පසුවන ජොෆ්රා ආචර්, ඊයේ (බදාදා) සිය වැලමිටේ ස්කෑන් පරීක්‍ෂණයකට මුහුණ දුන්නේය. එයින් තහවුරු වූයේ ඔහුගේ ආබාධය තරමක් බරපතළ තත්ත්වයේ පවතින බවයි.

“ඔහුට දැන් එංගලන්ත ක්‍රිකට් වෛද්‍ය කණ්ඩායමත් සමග එක්ව නැවතත් ආබාධ පුනරුත්ථාපන කටයුතු කරන්න සිදුවෙනවා. බොහෝ විට ජූනි මාසයේදී ආරම්භ වන ලබන ගිම්හානයේ  සිට ඔහුට නැවතත් තරග කළ හැකියි” යයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

මෙවර එංගලන්ත ගිම්හානය ආරම්භ වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 3 කින් සමන්විත තරගාවලියකිනි.

පසුගිය ගිම්හානයේදී සිට ටෙස්ට් තරග දිවිය ආරම්භ කළ ජොෆ්රා ආචර් මෑතකදී නිමා වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී සහභාගි වූයේ එකම ටෙස්ට් තරගයකට පමණි. එම ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත පිල විසින් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග 3-1 ක් ලෙසින් පරාජය කරන ලදි.

එංගලන්ත පිල ලබන මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකකට සහභාගි වීමට නියමිතය.


අදහස් (0)

ජොෆ්රාට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.