Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ 10 වැනිදා එති

කොදෙව්වෝ 10 වැනිදා එති

ශානුක අරවින්ද - 2020 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 2 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පෙබරවාරි මස 10 වැනිදා වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන් පළමු එක්දින තරගය දිවා තරගයක් ලෙස කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොළඹදී පැවැත්වෙන සීමිත ඕවර අන්තර්ජාතික තරග සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වුවද මේ වන විට ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ ප්‍රේක්‍ෂකාගාර අලුත්වැඩියා කෙරෙමින් පවතින හෙයින් මෙම තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ විද්වතුන්ගේ වාර්තාවක් අනුව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවේ ප්‍රේක්‍ෂකාගාර හැකි ඉක්මනින් අලුත්වැඩියා කළ යුතුව තිබිණ. මෙම අලුත්වැඩියා සඳහා තවත් මාස තුනක පමණ කාලයක් ගතවන බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර දෙවැනි එක්දින තරගය පෙබරවාරි 26 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සූරියවැව ක්‍රීඩාංගණයේදී තරගයක් පැවැත්වෙන්නේ වසර තුනකට ආසන්න කාලයකට පසුවය.

තෙවැනි තරගය මෙන්ම විස්සයි-20 තරග දෙකත් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  

තරගාවලිය ආරම්භ වීමට පෙර කොදෙව් කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පෙරහුරු තරග 2 කටද සහභාගී වීමට නියමිතය. ඉන් පළමුවැන්න කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීද, දෙවැන්න කටුනායක මේරියන්ස් ක්‍රීඩාගංණයේදීද පැවැත්වේ.

තරග කාලසටහන

■පෙබරවාරි 17 - පළමු පෙරහුරු තරගය කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
■පෙබරවාරි 20 - දෙවැනි පෙරහුරු තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාගංණයේදී
■පෙබරවාරි 22 - පළමු එක්දින තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
■පෙබරවාරි 26 - දෙවැනි එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
■මාර්තු 1 - තෙවැනි එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී  
■මාර්තු 4 - පළමු විස්සයි20 තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
■මාර්තු 6 - දෙවැනි විස්සයි20 තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

කොදෙව්වෝ 10 වැනිදා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.