Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික් සිය ධුරයෙන් ඉවත් වී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සඳහා කණ්ඩායමේ නායකත්වය ඔයින් මෝගන් වෙත භාර දීමට තීරණය කර තිබේ. කාර්තික් මෙවර තරගාවලියේ තරඟ 7 කදී කොල්කටා පිලට නායකත්වය ලබා ඇති අතර ඉන් තරග 4 ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයට පත්ව ඇත.
“සැමවිට කණ්ඩායමට මුල් තැන දෙන දිනේෂ් කාර්තික් වැනි නායකයින් සිටීම අපට වාසනාවක්. ඔහු වැනි අයෙකුට මෙවැනි තීරණයක් ගැනීමට විශාල ධෛර්යයක් අවශ්‍ය වෙනවා. ඔහුගේ තීරණය ගැන අප පුදුමයට පත් වුවද, ඔහු අපගේ ගෞරවයට පාත්‍ර වෙනවා”
“2019 ලෝක කුසලාන දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා මෙන්ම කෝල්කටා නයිට් රයිඩර්ස් පිලේ උප නායකයා ලෙස කටයුතු කරන ඔයින් මෝගන් කණ්ඩායම ඉදිරියට ගෙන යාමට නායකත්වය දීමට කැමැත්තෙන් සිටීම ගැන අපි සතුටු වෙනවා.... ”
“කාර්තික් සහ මෝගන් මෙම තරඟාවලිය අතරතුර දී ඉතා හොඳින් එක්ව කටයුතු කරලා තියෙනවා. මෝගන් නායකයා ලෙස වැඩ භාර ගත්තද “මෙය ඵලදායී ලෙස භූමිකාව හුවමාරුවක් වන අතර මෙම සංක්‍රාන්තිය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යැයි කෝල්කටා නයිට් රයිඩර්ස් පිලේ ප්‍රධාන විධායක නිලධාරී වෙන්කි මයිසූර් මහතා පැවසීය.
පසුගිය වසර දෙක හමාරක කාලය තුළ නායකයා ලෙස කාර්තික් කළ සියලු දායකත්වයන්ට කොල්කටා නයිට් රයිඩර්ස්හි සියලු දෙනා වෙනුවෙන් ස්තූතිවන්ත වෙන අතර ඉදිරි කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට මෝගන්ට සුභ පතනවා යැයි මයිසූර් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම තරග සමයේදී දිනේෂ් කාර්තික් ගත් සමහර තීරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හී සහ සිය කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයින් අතර විවේචනයට ලක්ව තිබීම ඔයින් මෝගන්ට නායකත්වය පවරා දීමට හේතුවී ඇත. එමෙන්ම මේ වන විට තරගාවලියේදී ලකුණු 1, 58, 12, 6, 1, 0 සහ 30 ක් වාර්තා කිරීමෙන් පසුව කාර්තික්ගේ දුර්වල පිතිහරඹයද ඔහුගේ මෙම තීරණයට බලපාන්නට ඇත. මෝගන් තරග 7 කදී ලකුණු 175 ක් ලබාගෙන ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 35 ක් ලෙස රඳවා ගෙන ඇත.
2018 සිට තරග 37 කදී කොල්කටා පිලට නායකත්වය ලබා ඇති කාර්තික් එහිදී තරග 19 ක් ජයගෙන තරග 17 ක් පරාජයට පත්ව ඇත. ඔහු නායකත්වය ලබාදුන් පළමු තරගාවලියේදීම කඩයිම් තරග සඳහා සුදුසුකම් ලබාගනිමින් තෙවැනි ස්ථානයට කණ්ඩායම රැගෙන යාමට සමත්විය. නමුත් පසුගිය වසරේදී සිය කණ්ඩායම කඩයිම් තරග සඳහා ගෙන යාමට ඔහු අපොහොසත් වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය ඔවුන්ට හිමිවිය.
දෙවරක් අයි.පී.එල්. කුසලාන දිනාගත් ජයග්‍රාහී නායක ගෞතම් ගාම්භීර්ට (57.43%) පසුව කොල්කටා නායකයින් අතර දෙවන හොඳම ජයග්‍රාහී ප්‍රතිශතය (52.70%) ලබාගෙන ඇත්තේ කාර්තික්ය. නමුත් පසුගිය වසරේ එංගලන්තය වෙනුවෙන් අයි.සී.සී ලෝක කුසලාන සිය මව්බිම ගෙන ඒමට නායකත්ව ලබාදුන් මෝගන් වෙත නායකත්වය භාර දීමට කාර්තික් තීරණය කළේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.