Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය ලකුණු 269 ක් පසුපසින්

එංගලන්තය ලකුණු 269 ක් පසුපසින්

editorial - 2019 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර හෙඩිනග්ලිහි ලීඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගය, තෙවැනි දිනයේ තේ පානය සඳහා නතර කරන විට ලකුණු 359 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 90 ක් ලබා සිටියේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම තවත් කඩුලු 8 ක් අතැතිව ජයග්‍රහණය සඳහා ලකුණු 269 ක් පසුපසින් සිටියි. තේ පානය සඳහා නතර කරන විට නායක ජෝ රූට් ලකුණු 41 ක්ද, ජෝ ඩෙන්ලි ලකුණු 30 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 75 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 15 ක්ව තිබියදී එංගලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුලු 2 ම බිඳවැටුණ අතර එහිදී ජොස් හෙසල්වුඞ්ගේ පන්දුවක් හමුවේ ඬේවිඞ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් රෝරි බර්න්ස් (7) ද, පැට් කමින්ස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ජේසන් රෝයි (8) ද පිටියෙන් ඉවත්ව ගියහ.

දෙවැනි දිනය වූ ඊයේ (23 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 75 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 56 කට කඩුලු 3 ක් දවාගත් අතර ජොෆ්රා ආචර් සහ ස්ටුවට් බ්‍රෝඞ් කඩුලු 2 බැගින් දවාගත්හ.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් මානස් ලැබුස්චේන්, හතරේ පහර 8 ක් සමග ලකුණු 80 ක් රැස්කරමින් දෙවැනි ඉනිමේද වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. ජේම්ස් පැටින්සන් (20) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලැබුස්චේන් සමත් විය.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 179
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 67
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 246

(මාකස් හැරිස් 19, උස්මාන් කවාජා 23, මානස් ලැබුස්චේන් 80, ට්‍රැවිස් හෙඞ් 25, මැතිව් වේඞ් 33, ජේම්ස් පැටින්සන් 20, බෙන් ස්ටෝක්ස් 56/3, ජොෆ්රා ආචර් 40/2, ස්ටුවට් බ්‍රෝඞ් 52/2)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 90
(ජෝ රූට් නොදැවී 41, ජෝ ඩෙන්ලි 30)

-036

 


අදහස් (0)

එංගලන්තය ලකුණු 269 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.