Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ‘ඒ’ පිල ලකුණු 273 ක් ඉදිරියෙන්

ඉන්දීය ‘ඒ’ පිල ලකුණු 273 ක් ඉදිරියෙන්

editorial - 2019 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර හුබ්ලිදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය, දෙවැනි දිනය (1 වැනිදා) සඳහා නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය ‘ඒ’ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 216 ක් ලබා සිටියේය.

ඒ අනුව ඉන්දීය ‘ඒ’ කණ්ඩායම තවත් කඩුලු 4 ක් ඇතැතිව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 273 ක් පසුපසින් සිටින අතර දෙවැනි දිනය නිමාවට පත්වන විට ශිවම් ඩූබ් ලකුණු 5 ක්ද, රාහුල් චාහර් ලකුණු 5 ක්ද ලබා නොදැවී නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අන්මෝල්ප්‍රීට් සිං (60), සිද්ධේෂ් ලැඞ් (58) සහ ශ්‍රීකාර් භාරත් (60) ඉන්දීය ‘ඒ’ දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී අන්මෝල්ප්‍රීට් හතරේ පහර 9 ක් සමගද, සිද්ධේෂ් හතරේ පහර 6 ක් සමගද, ශ්‍රීකාර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගද ලකුණු රැස්කළහ.

පළමු දිනය වූ ඊයේ (31 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 125 ක් එක්කර ගත්තේය. එහිදී අර්ධ ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් ලකුණු 68 ක් රැස්කළේ හතරේ පහර 11 ක් සමගිනි.

ලකුණු 52 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නිරෝෂන් දික්වැල්ල (39) සහ ප්‍රියමාල් පෙරේරා (36) සමත් වූහ. එහිදී දික්වැල්ලගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර ප්‍රියමාල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.


ඉන්දීය ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
(ශ්‍රීකාර් භාරත් 117, අන්මෝල්ප්‍රීට් සිං 65, සිද්ධේෂ් ලැඞ් 32, රාහුල් චහර් 21, ළහිරු කුමාර 53/4, ලක්ෂාන් සඳකැන් 64/4)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 212
(භානුක රත්නායක 18, අෂාන් ප්‍රියන්ජන් 19, නිරෝෂන් දික්වැල්ල 39, ප්‍රියමාල් පෙරේරා 36, කමිඳු මෙන්ඩිස් 68, ජයන්ත් යාදව් 24/3, සංදීප් වොරියර් 32/2, ශිවම් ඩුබේ 44/2)

ඉන්දීය ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 216
(අන්මෝල්ප්‍රීට් සිං 60, සිද්ධේෂ් ලැඞ් 58, ශ්‍රීකාර් භාරත් 60, ලක්ෂාන් සඳකැන් 48/2, විශ්ව ප්‍රනාන්දු 53/2)

-036

 


අදහස් (0)

ඉන්දීය ‘ඒ’ පිල ලකුණු 273 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.