Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අෆ්රීඩි - අහමඩ් ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එක්වෙති

අෆ්රීඩි - අහමඩ් ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එක්වෙති

editorial - 2020 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට තරග කරන ක්වේටා ග්ලැඩියේටර්ස්හි හිමිකරුවන් විසින් මිලදී ගත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් වන ගාල්ල ග්ලැඩියේටර්ස් පිල සඳහා හිටපු පාකිස්තාන නායකයන් වන ශහිඩ් අෆ්රිඩි සහ සර්ෆරාස් අහ්මඞ් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ උත්සවයක් පසුගියදා පාකිස්තානයේදී පැවති අතර එහිදී අෆ්රිඩි සහ සර්ෆරාස් කණ්ඩායමට ඇතුළත් කිරීම පිළිබඳ ක්වේටා ග්ලැඩියේටර්ස්හි හිමිකරු වන නදීම් ඕමාර් මහතා නිවේදනය කළේය. තුන් ඉරියව් ක්‍රීඩක ශහීඞ් අෆ්රිඞ් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සුවිශේෂි ක්‍රීඩකයා ලෙස තෝරාගෙන ඇති අතර ට්විටර් පණිවිඩයක් මගින් ඔහු ඕමාර්ට ස්තූතී කර ඇත.

“ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සුවිශේෂි ක්‍රීඩකයා වීම ගැන ආඩම්බර වෙනවා. නදීම් ඕමාර් මහතාට ස්තූති කිරීමටත්, පාකිස්තානය වෙනුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු කණ්ඩායම් හිමිකරුවා වීම ගැනත් මම ඔහුට සුභ පතන්න කැමතියි” යයි පැවසූ 40 හැවිරිදි අෆ්රිඩි මෙම වසරේදී මුල්තාන් සුල්තාන් කණ්ඩායම වෙනුවෙන් අවසන් වරට විස්සයි20 තරගාවලියකට සහභාගිවිය.

තරගාවලිය නොවැම්බර් 14 සිට දෙසැම්බර් 6 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් විකාශන සහ මාධ්‍ය අයිතිවාසිකම් ඇතුළු ලීගයේ සියලුම අයිතිවාසිකම් විකුණා ඇත.

නගර පහක් නියෝජනය කරමින් කණ්ඩායම් පහක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන නමුත් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරඟ හතර නොවැම්බර් 14 සිට 17 දක්වා පවත්වන බවට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් පසුගියදා නිවේදනය කළේය. එමනිසා පාකිස්තාන ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට මෙම තරගාවලියේ ආරම්භක කොටසට සහභාගී වීමට නොහැකි වනු ඇත.

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර තරගාවලි පහක් අවලංගු කිරීමෙන් පසු පූර්ණ කාලීන ක්‍රිකට් ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රිමියර් ලීග් තරගාවලියට දින ගැනමින් සිටින්නේය.

මාර්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුල වෛරස් ආසාදිතයින් 3000 ක් පමණ වාර්තාවී ඉන් 12 ක් පමණ මිය ගොස් ඇති අතර එය ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලට සාපේක්ෂව එය ඉතා අඩු සංඛ්‍යාවකි.

ගාල්ල කණ්ඩායමේ කොටස් මිලදී ගැනීමේ අරමුණ, ලංකා ලීගය ප්‍රවර්ධනය කිරීම සඳහා උපකාර කිරීමටත්, පාකිස්තානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින පැරණි මිත්‍ර සබඳතා නිසා බවත් ඕමාර් මහතා පැවසීය.
මෙම තරඟාවලිය රංගිරි දඹුල්ල, පල්ලේකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 3 කදී පැවැත්විමට නියමිතව ඇති අතර කණ්ඩායම් 5 ක් දින 15 ක කාලයක් තුළ තරඟ 23 කට සහභාගී වේ.


අදහස් (0)

අෆ්රීඩි - අහමඩ් ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.