Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් - එංගලන්ත ටෙස්ට් තරග ඇරඹෙයි

කොදෙව් - එංගලන්ත ටෙස්ට් තරග ඇරඹෙයි

editorial - 2020 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මාස හතරක් පුරා සම්පූර්ණයෙන්ම නතර කර දමන ලද ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ කරමින් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පළමු ටෙස්ට් තරගය අද (8 වැනිදා) එංගලන්තයේ සදම්ප්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. ප්‍රේක්‍ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන මෙම ‘විස්ඩන් කුසලාන’ තරගාවලිය තරග 3 කින් සමන්විතය.

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ගේ වාර්තා සැසඳීමේදී එංගලන්ත පිල ඉදිරියෙන් සිටින බව නොරහසකි. එහෙත් එංගලන්තයේ නිත්‍ය නායක ජෝ රූට් මෙම තරගය සඳහා නිවාඩු ඉල්ලා සිටීම හේතුවෙන් බෙන් ස්ටෝක්ස් එංගලන්ත පිලේ තාවකලික නායකයා වී සිටී. කොදෙව් පිල පළපුරුදු නායකයකු වන ජේසන් හෝල්ඩර් විසින් මෙහෙයවනු ලබයි.

කොදෙව් පිල බලාපොරොත්තු තබා ඇත්තේ තමන්ගේ වේග පන්දු යවන්නන් කෙරෙහිය. කෙමර් රෝච්, ෂැනන් ගේබි්‍රයෙල්, අල්සාරි ජෝෂප්, චෙමාර් හෝල්ඩර් සහ නායක ජේසන් හෝල්ඩර්ද වේග පන්දු යවන්නෝ වෙති. වසර 35 කට පමණ ඉහතදී එංගලන්තය දණගැස්වූ ක්ලයිව් ලොයිඞ්ගේ යකඩයින් රෑන සමන්විත වූයේ වේග පන්දු යවන්නන් පස් දෙනකුගෙනි. මයිකල් හෝල්ඩිං, ජොයෙල් ගානර්, ඇන්ඩි රොබට්ස්, මැල්කම් මාෂල් සහ සහ කොලින් ක්‍රොෆ්ට් එම වේග පන්දු යවන්නෝ වූහ.

ලොයිඞ්ගේ බලඇණියේ ඉදිරිපෙළ සොල්දාදුවන් වූ ගෝර්ඞ්න් ග්‍රිනිජ්, ඩෙස්මන්ඞ් හේන්ස්, විවියන් රිචඞ්ස්, රිචී රිචඞ්සන්, ක්ලයිව් ලොයිඞ්, ගස් ලොගී සහ කඩුලු රකින්නා වූ ජෙෆ්රි ඩුජෝන් වැනි පිතිකරුවෝ වත්මන් කොදෙව් පිල සතුව නැත. එබැවින් කොදෙව් පිලේ හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා පවසන්නේ එංගලන්ත පිල දින 4 ක් ඇතුළතදී පරාජය කිරීමට කොදෙව්වන් උත්සුක විය යුතු බවත් දින 5 ක කාලයක් දරා සිටීමට කොදෙව් පිතිහරඹය ශක්තිමත් නොවන බවත්ය.

- 213


අදහස් (0)

කොදෙව් - එංගලන්ත ටෙස්ට් තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.