Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිස් ගේල් වසර 2 කට පසු යළිත් කොදෙව් සංචිතයට

ක්‍රිස් ගේල් වසර 2 කට පසු යළිත් කොදෙව් සංචිතයට

editorial - 2021 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් නැවත කැඳවා තිබේ. මේ වන විට 41 වැනි වියේ පසුවන ගේල් කොදෙව් සංචිතයට එක්ව සිටින්නේ වසර 2 කට පසුවය.
 
එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුව මෙම කැඳවීම කර ඇතැයි වාර්තා වේ. දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය මාර්තු මස 3 වැනිදා ඇන්ටිගුවාහිදී ආරම්භ වේ. දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙලින් 5 වැනිදා සහ 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ඔන්ඩි්‍ර රසල් මෙම තරගාවලියේදී විවේක ගන්වා ඇති අතර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් ෂෙල්ඩන් කොට්ට්‍රල්, ඔෂේන් තෝමස්, ශිම්රන් හෙට්මියර් සහ රොස්ටන් චේස් යන ක්‍රීඩකයන්ට කොදෙව් සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ.


කොදෙව් විස්සයි20 සංචිතය
කිරන් පොලාඩ් (නායක), නිකලස් පූරන් (උප නායක), ෆේබියන් ඇලන්, ඩ්වේන් බ්‍රාවෝ, ෆිඩෙල් එඩ්වඩ්ස්, ඔන්ඩි්‍ර ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, අකීල් හොසේන්, එවින් ලුවිස්, ඔබේඩ් මැකෝයි, රෝමන් පවෙල්, ලෙන්ඩ්ල් සිමන්ස් සහ කෙවින් සින්ක්ලෙයාර්


කොදෙව් එක්දින සංචිතය
කිරන් පොලාඩ් (නායක), ශායි හෝප් (උප නායක), ෆේබියන් ඇලන්, ඩැරන් බ්‍රාවෝ, ජේසන් හෝල්ඩර්, අකීල් හොසේන්, අල්සාරි ජෝෂප්, එවින් ලුවිස්, කයිල් මේයර්ස්, ජේසන් මොහොමඩ්, නිකලස් පූරන්, රොමාරියෝ ෂෙපර්ඩ් සහ කෙවින් සින්ක්ලෙයාර්  


-036

 


අදහස් (0)

ක්‍රිස් ගේල් වසර 2 කට පසු යළිත් කොදෙව් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.