Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය කඩුලු 6 කින් ජයගනී

එංගලන්තය කඩුලු 6 කින් ජයගනී

editorial - 2020 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින සුපර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් අයර්ලන්තය සහ එංගලන්තය අතර සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 27.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. සෑම් බිලින්ස් (නොදැවී 67) සහ නායක ඔයින් මෝගන් (නොදැවී 36) එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 85 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.  

පන්දු 54 කට මුහුණදුන් බිලින්ස්, සිය තෙවැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 11 කින් අලංකාර කළ අතර පන්දු 40 කදී වාර්තා වූ මෝගන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ 4 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු ජේසන් රෝයි හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද, ජේම්ස් වින්ස් හතරේ පහර 5 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් එංගලන්ත ජයග්‍රහණයට දායකත්වය දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 44.4 ක් අවසානයේ ලකුණු 172 කට සීමා කිරීමට ඬේවිඞ් විලී ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ විලී, ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගනිමින් අයර්ලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

මුලු ලකුණු සංඛ්‍යාව 28 ක් වනවිට ආරම්භක පිතිකරුවන් දෙදෙනා (පෝල් ස්ටාර්ලින් - 02, ගැරීත් ඩෙලනි - 22) සහ නායක ඇන්ඩි බැල්බීන් (03) දවාගත් විලී, ඉන් නොනැවතී අයර්ලන්ත කඩුලු රකින්නාද ලකුණු ලබාගැනීමට පෙරාතුවම පිටියෙන් ඉවත් කළේය. ඕවර හයක් අවසානයේ ලකුණු 28 කට කඩුලු 3 ක් ලෙස සටහන් වූ අයර්ලන්ත ලකුණු පුවරුව තවත් පන්දු 5 කට පසුව කඩුලු 5 කට 28 ක් ලෙසින් වෙනස් විය.

අයර්ලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඬේවිඞ් විලීට අනගි සහායක් දුන් සකීබ් මහමුද් ලකුණු 36 කට කඩුලු 2 ක් බිඳහෙළු අතර අදිල් රෂීඞ් සහ ටොම් කරන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

අයර්ලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි කර්ටිස් කැම්පර් පන්දු 118 කදී නොදැවී ලකුණු 59 ක් රැස්කළේ හතරේ පහර 4 ක්ද සමගිනි. නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඇන්ඩි මැක්බී්‍රන් (40) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොනැගීමටද කැම්පර් සමත් විය.


අයර්ලන්තය - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 172
(ගැරීත් ඩෙලනි 22, කෙවින් ඕ’බ්‍රයන් 22, කර්ටිස් කැම්පර් නොදැවී 59, ඇන්ඩි මැක්බ්‍රීන් 40, ඩේවිඩ් විලී 30/5, සකීබ් මහමුද් 36/2)

එංගලන්තය - ඕවර 27.5 කදී කඩුලු 4 ක් දැවී 174
(ජේසන් රෝයි 24, ජේම්ස් වින්ස් 25, සෑම් බිලින්ස් නොදැවී 67, ඔයින් මෝගන් නොදැවී 36, ක්‍රේග් යංග් 56/2)

-036

 

 


අදහස් (0)

එංගලන්තය කඩුලු 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.