Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

editorial - 2019 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලක්නව්හිදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට ඇෆ්ඝනිස්තානය ඊයේ (16 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමටද ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය කෙදෙව් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. එහිදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කරීම් ජැනට් ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් කොදෙව් ඉනිම සුනුවිසුණු කර දැමීය.

කෙදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඩිනේෂ් රැම්ඩින් පන්දු 27 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 24 ක් රැස්කළ අතර ආරම්භ පිතිකරු එවින් ලුවිස් පන්දු 22 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 14 ක්ද, ජේසන් හෝල්ඩර් පන්දු 9 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 13 ක්ද රැස්කළහ.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තේය. එහිදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් හස්රතුල්ලා සසායි (26) සහ රාමතුල්ලා ගර්බාස් (15) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

පන්දු 15 කදී වාර්තා වූ හස්රතුල්ලාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 18 කට මුහුණදුන් කරීම් ජැනට් හතරේ පහර 5 ක් සමගින් ලකුණු 26 ක් රැස්කළේය. නජිබුල්ලා සද්රාන් පන්දු 24 කදී නොදැවී ලකුණු 20 ක් රැස්කළ අතර ගුලාබ්දීන් නයිබ් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ඇෆ්ඝනිස්තාන පිල - ඕවර 20 කඩුලු 7 ක් දැවී 147
(හස්රතුල්ලා සසායි 26, රාමතුල්ලා ගර්බාස් 15, කරීම් ජැනට් 26, නජිබුල්ලා සද්රාන් නොදැවී 20, ගුලාබ්දීන් නයිබ් 24, කෙස්රික් විලියම්ස් 23/3, ජේසන් හෝල්ඩර් 23/2, කීමෝ පෝල් 28/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කඩුලු 8 ක් දැවී 106  
(එවින් ලුවිස් 14, ඩිනේෂ් රැම්ඩින් 24, ජේසන් හෝල්ඩර් 13, කරීම් ජැනට් 11/5)

-036


අදහස් (0)

ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.