Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු තරගයට ශ්‍රී ලංකාව - අයර්ලන්තය

පළමු තරගයට ශ්‍රී ලංකාව - අයර්ලන්තය

editorial - 2019 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය. තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වේ.  

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ මුල් ස්ථාන 10 තුළ රැදී සිටින රටවල්ද ඇතුළත්ව රටවල් 16 ක් සහභාගි වීමට නියමිතය. පැපුවා නිව්ගිනියාව, අයර්ලන්තය, ඕමානය, නෙදර්ලන්තය, නැමීබියාව සහ ස්කොට්ලන්තය ඊට සහභාගී වන සෙසු රටවල් වෙයි.

තරගාවලියේ මූලික වටය ආරම්භ වීමට පෙර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව, පැපුවා නිව්ගිනියාව, අයර්ලන්තය සහ ඕමානය ‘ඒ’ කාණ්ඩය යටතේද, බංග්ලාදේශය, නෙදර්ලන්තය, නැමීබියාව සහ ස්කොට්ලන්තය ‘බී’ කාණ්ඩය යටතේද තරග වැදීමට නියමිතය.

එම කාණ්ඩ දෙකේම වැඩිම ජයග්‍රහණය අත්කර ගන්නා කණ්ඩායම් දෙක බැගින් මූලික වටයට සුදුසුකම් ලබන අතර ඒ අනුව කණ්ඩායම් 12 ක සහභාගීත්වයෙන් මූලික වටයේ තරග පැවැත්වේ. මෙම රටවල් 12 අතරට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටි කණ්ඩායම් 8 ඇතුළත් වේ. ප්‍රධාන තරගාවලියට එක්වීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තමන් අයත්වන කාණ්ඩයේ ශුරයන් හෝ අනුශූරයන් විය යුතුය.

සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වන කණ්ඩායම සහ ‘බී’ කාණ්ඩයේ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම, මූලික වටයේදී පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග පළමු කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

සුදුසුකම් ලැබීමේ වටයේ ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වන කණ්ඩායම සහ ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම, මූලික වටයේදී ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය සමග දෙවැනි කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 11 වැනිදා සිඩ්නිහිදීද, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 12 වැනිදා ඇඩිලේඩ්හිදීද පැවැත්වෙන අතර අවසන් මහ තරගය නොවැම්බර් මස 15 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරග කාල සටහන

සුදුසුකම් ලැබීමේ වටය
ඔක්තෝබර් 18 - ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගීලෝන්හිදී
ඔක්තෝබර් 18 - පැපුවා නිව්ගිනියාව සහ ඕමානය අතරගීලෝන්හිදී
ඔක්තෝබර් 19 - බංග්ලාදේශය සහ නැමීබියාව අතර හෝබාට්හිදී
ඔක්තෝබර් 19 - නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර හෝබාට්හිදී
ඔක්තෝබර් 20 - අයර්ලන්තය සහ ඕමානය අතර ගීලෝන්හිදී
ඔක්තෝබර් 20 - ශ්‍රී ලංකාව  සහ පැපුවා නිව්ගිනියාව අතර ගීලෝන්හිදී
ඔක්තෝබර් 21 - නැමීබියාව සහ ස්කොට්ලන්තය අතර හෝබාට්හිදී
ඔක්තෝබර් 21 - බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර හෝබාට්හිදී
ඔක්තෝබර් 22 - පැපුවා නිව්ගිනියාව සහ අයර්ලන්තය අතර ගීලෝන්හිදී
ඔක්තෝබර් 22 - ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ගීලෝන්හිදී
ඔක්තෝබර් 23 - නෙදර්ලන්තය සහ නැමීබියාව අතර හෝබාට්හිදී
ඔක්තෝබර් 23 - බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර හෝබාට්හිදී

පළමු වටය
ඔක්තෝබර් 24 - ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර සිඩ්නිහීදී
ඔක්තෝබර් 24 - ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත්හීදී
ඔක්තෝබර් 25 - ඒ-1 කණ්ඩායම සහ බී-2 කණ්ඩායම අතර හෝබර්ට්හීදී
ඔක්තෝබර් 25 - නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර මෙල්බන්හීදී
ඔක්තෝබර් 26 - ඇෆ්ගනිස්තානය සහ ඒ-2 කණ්ඩායම අතර පර්ත්හීදී
ඔක්තෝබර් 26 - එංගලන්තය සහ බී-1 කණ්ඩායම අතර පර්ත්හීදී
ඔක්තෝබර් 27 - නවසීලන්තය සහ බී-2 කණ්ඩායම අතර හෝබර්ට්හීදී
ඔක්තෝබර් 28 - ඇෆ්ගනිස්තානය සහ බී-1 කණ්ඩායම අතර පර්ත්හීදී
ඔක්තෝබර් 28 - ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පර්ත්හීදී
ඔක්තෝබර් 29 - පාකිස්තානය සහ ඒ-1 කණ්ඩායම අතර සිඩ්නිහීදී
ඔක්තෝබර් 29 - ඉන්දියාව සහ ඒ-2 කණ්ඩායම අතර මෙල්බන්හීදී
ඔක්තෝබර් 30 - එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහීදී
ඔක්තෝබර් 30 - බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ බී-2 කණ්ඩායම අතර පර්ත්හීදී
ඔක්තෝබර් 31 - පාකිස්තානය සහ නවසීලන්තය අතර බ්‍රිස්බේන්හීදී
ඔක්තෝබර් 31 - ඕස්ට්‍රේලියාව සහ ඒ-1 අතර බ්‍රිස්බේන්හීදී
නොවැම්බර් 1 - දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ඇඩිලේඞ්හීදී
නොවැම්බර් 1 - ඉන්දියාව සහ එංගලන්තය අතර මෙල්බන්හීදී
නොවැම්බර් 2 - ඒ-2 කණ්ඩායම සහ බී-1 කණ්ඩායම අතර සිඩ්නිහීදී
නොවැම්බර් 2 - නවසීලන්තය සහ ඒ-1 කණ්ඩායම අතර බ්‍රිස්බේන්හීදී
නොවැම්බර් 3 - පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ඇඩිලේඞ්හීදී
නොවැම්බර් 3 - ඕස්ට්‍රේලියාව සහ බී-2 කණ්ඩායම අතර ඇඩිලේඩ්හීදී
නොවැම්බර් 4 - එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර බ්‍රිස්බේන්හීදී
නොවැම්බර් 5 - දකුණු අප්‍රිකාව සහ ඒ-2 කණ්ඩායම අතර ඇඩිලේඩ්හීදී
නොවැම්බර් 5 - ඉන්දියාව සහ බී-1 කණ්ඩායම අතර ඇඩිලේඩ්හීදී
නොවැම්බර් 6 - පාකිස්තානය සහ බී-2 කණ්ඩායම අතර මෙල්බන්හීදී
නොවැම්බර් 6 - ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර මෙල්බන්හීදී
නොවැම්බර් 7- එංගලන්තය සහ ඒ-2 කණ්ඩායම අතර ඇඩිලේඩ්හීදී
නොවැම්බර් 7 - බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඒ-1 කණ්ඩායම අතර මෙල්බන්හීදී
නොවැම්බර් 8 - දකුණු අප්‍රිකාව සහ බී-1 කණ්ඩායම අතර සිඩ්නිහීදී
නොවැම්බර් 8 - ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර සිඩ්නිහීදී

අර්ධ අවසන් වටය
නොවැම්බර් 11 - සිඩ්නිහීදී පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් 12 - ඇඩිලේඩ්හීදී පැවැත්වීමට නියමිතය.

අවසන් වටය
නොවැම්බර් 15 - මෙල්බන්හීදී පැවැත්වීමට නියමිතය.

-036


අදහස් (0)

පළමු තරගයට ශ්‍රී ලංකාව - අයර්ලන්තය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.