Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවෝ තරගය බේරා ගැනීමේ සටනක

ඉන්දියානුවෝ තරගය බේරා ගැනීමේ සටනක

editorial - 2021 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙල්බර්න් ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසුව ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකරගෙන සිටියද ඉන්දීය ක්‍රීඩකයෝ සිඩ්නි ටෙස්ට් තරගයේදී පරාජයෙන් ගැලවීමේ සටනක නිරතව සිටිති. මේ අතරවාරයේදී සිඩ්නි නරඹන්නන්ගේ අපහාසාත්මක වදන් වලට මුහුණදීමටද ඉන්දියානුවන්ට සිදුවී තිබේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 කට ලකුණු 312 ක් ලබා සිටියදී ඉනිම නවතාලමින් ඉන්දීය පිලට අභියෝග කර සිටියේ තරගය ජයගැනීම සඳහා හැකිනම් ලකුණු 407 ක් ලබාගන්නා ලෙසයි.  ඊයේ (10 වැනිදා) සවස තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම තවත් ලකුණු 309 ක් පසුපසින් සිටියේය.

දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයක් ලෙසින් එදා සිටම නමක් දිනා සිටින සිඩ්නි පිටියේදී ටෙස්ට් තරගයක් ජයගැනීම සඳහා කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව 288 කි. එය වසර 2006 දී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ලබාගන්නා ලදි.

අභියෝගාත්මක හඹායාමක් ඇරඹූ ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලකුණු 71 දී බිඳ වැටුණ අතර ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු 51 ක් ලබා සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවකට ගැසූ හුක් පහරකින් ෆයින් ලෙග් ස්ථානයේ සිටි මිචෙල් ස්ටාක්ට උඩපන්දුවක් දුන්නේය.

වාර්තා පොත කුමක් කීවත් ඉන්දීය පිතිකරුවන් විශ්වාස කරන්නේ අපේක්‍ෂිත ලකුණු 407 තමන්ට ලබාගත හැකි බවයි.

“ඒ ඉලක්කය කරා යා හැකි බව කණ්ඩායමක් හැටියට අප විශ්වාස කරනවා.. හෙට උදේ තණතීරුවට ඇවිදගෙන එද්දී ඒ විශ්වාසය අපට ඉතාමත් වැදගත්” යයි රවිචන්ද්‍රන් අශ්වින් පැවසීය.

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී ස්මිත් තමන්ගේ විවේචකයන්ට යළිත් වරක් පිත්තෙන් පිළිතුරු දුන්නේය. රවිචන්ද්‍රන් අශ්වින් විසින්, තුන්වැනි විනිසුරුවරයාගේද සහාය ඇතිව ස්මිත් දවාගන්නා විට පන්දු 167 කට මුහුණ දී සිටි හිටපු නායකයා හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

හතරේ සීමාව අසළ සිටි මොහොමඞ් සිරාජ්ට සිඩ්නි නරඹන්නන් වර්ගවාදීව අපහාසාත්මක වන ලෙසින් බැණවැදුණේ යයි ඉන්දීය කණ්ඩායම විසින් විනිසුරුවරුන්ට පැමිණිලි කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙසින් තරගය විනාඩි 10 ක පමණ කාලයකට නතර කරන ලද අතර නරඹන්නන් හය දෙනකු ක්‍රීඩා පිටියෙන් ඉවත් කෙරිණ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් සමාව අයැද සිටියේය.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු ක්‍රීඩකයන් මෙන්ම ෂේන් වෝන් පවා බලවත් ලෙස අප්‍රසාදය පළකර තිබිණ.


ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 338
ඉන්දියාව පළමු ඉනිම - 244
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම කඩුලු 6 ට 312

ඬේවිඞ් වෝනර් 13, විල් පූකොව්ස්කි 10, මානස් ලැබුෂේන් 73, ස්ටීවන් ස්මිත් 81, කැමරන් ග්‍රීන් 84, ටිම් පේන් නොදැවී 39, නව්දීප් සයිනි 54/2, රවිචන්ද්‍රන් අශ්වින් 95/2)
ඉන්දියාව දෙවැනි ඉනිම - කඩුලු 2 ට 98 යි
(රවිචන්ද්‍රන් අශ්වින් 52, ෂුබ්මන් ගිල් 31)

- 213

 


අදහස් (0)

ඉන්දියානුවෝ තරගය බේරා ගැනීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.