Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩකයෝ යති - එති

ක්‍රීඩකයෝ යති - එති

රොෂාන් ගුණරත්න - 2020 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්.පී.එල්. තරගාවලියේ පුහුණුවීම් ලබන සඳුදා (23 වැනිදා) සිට ආරම්භ කෙරෙන බව කීවද එක් එක් කණ්ඩායම් වලින් ක්‍රීඩකයන් ඉවත් වෙමින් සිටින අතර ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෝ එක්වෙමින් සිටිති. පුහුණුකරුවන්ගේ තත්ත්වයද වෙනසක් නැත.

මේ අතර පුහුණුකරුවන් ලෙසින් කණ්ඩායම් වලට එක්ව සිටින හිටපු ක්‍රීඩකයන් කියන්නේ ක්‍රීඩකයන් මදි නම් නැවතත් ක්‍රීඩා පිටියට පිවිසීමට තමන් පසුබට නොවන බවයි. පුහුණුකරුවන් ලෙසින් එක්ව සිටින මෙම ක්‍රීඩකයන් කියන්නේ කුමන අවහිරතා හො දුෂ්කරතා මැද්දේ වුවද තරගාවලිය පැවැත්විය යුතු බවයි. ඒ වෙනුවෙන් තමන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද පුහුණුකරුවෝ කියති.

තරගාවලියේ විස්තර විචාරයකු ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු ජාතික හර්ෂල් ගිබ්ස් මහතා මේ වන විට කොළඹ කිංග්ස් පිලේ පුහුණුකරු ලෙසින් වගකීම බාරගෙන ඇත. කොළඹ කිංග්ස් පිලේ පන්දු යැවීමේ පුහුණුකරුවා වූ චමින්ද වාස් හදිසියේම තරගාවලියෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට රංගන හේරත් එක්ව සිටී.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ වලදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් කැනේඩියානු ජාතිත රවීන්ද්‍රපාල් සිංට සහ පාකිස්තානු ක්‍රීඩක තන්වීර් සොහේල්ට තරගාවලිය අහිමි වී තිබේ. ලයෑම් ප්ලන්කට් සහ වහබ් රියාස් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව තන්වීර් මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමග එක් විය.

සෙහේල් තන්වීර් ඉවත් වීම නිසා මහනුවර පිලටත්, රවී බොපාරා ඉවත් වීම නිසා යාපනය පිලටත් තවත් ක්‍රීඩකයන් දෙදෙනකු සොයාගත යුතුව තිබේ. රවීන්ද්‍රපාල් සමග එකම ගුවන් යානයේ පැමිණි කොදෙව් ක්‍රීඩක ඔන්ඩි්‍ර රසල් නිරෝධායනය සඳහා මේ වන විට සෞඛ්‍ය අංශ අධීක්‍ෂණය යටතේ නිරෝධානය කර තිබේ. ඔහු කොළඹ කැපිටල්ස් පිලට සිටි ප්‍රබලතම ක්‍රීඩකයාය.

මේ අතර පාකිස්තාන ක්‍රීඩකයින් වන ෂොයිබ් මක්සූඞ් සහ අන්වර් අලී, ඇෆ්ඝනිස්තානු ක්‍රීඩක අෆ්ටාබ් අලාම්, දඹුල්ල වයිකිංග් පිලට එක්ව සිටිති. ඊට අමතරව මාලින්ද පුෂ්පකුමාරද දඹුල්ල වයිකිංග් පිලට එක්වූ අලුත්ම ක්‍රීඩකයා වෙයි.

ඇෆ්ඝනිස්තානු ක්‍රීඩක කරීම් සාදික් සමගින් වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් කොළඹ කිංග්ස් පිල සමගින් එකතුවී සිටිති.

ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට පාකිස්තානු ක්‍රීඩක වකාස් මක්සූඞ් එක්වී ඇති අතර යාපනය ස්ටැලියන්ස් පිලට ප්‍රභාත් ජයසූරිය කැඳවා ඇත.


අදහස් (0)

ක්‍රීඩකයෝ යති - එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.