Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රමෝද්‍ය ක්‍රිකට් තේරීම් කමිටුවට එයි

ප්‍රමෝද්‍ය ක්‍රිකට් තේරීම් කමිටුවට එයි

යොහාන් භාසුර - 2020 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට නව සාමාජිකයකු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව වාර්තා වේ. මෙම පත්වීමත් සමඟ තේරීම් කමිටුවේ සාමාජික සංඛ්‍යාව හතරක් බවට පත්ව තිබේ.

ප්‍රමෝද්‍ය මහතා මීට පෙර 2013 වසරේ සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

ක්‍රීඩකයන්ට එරෙහිව පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල කළ හිටපු ක්‍රීඩකයන් අතර ප්‍රමෝද්‍ය මහතා පෙරමුණේ පසුවූ අතර එවැනි තත්ත්වයක් තුළ ඔහු තේරීම් කමිටුවට පත්කිරීම වඩාත් කැපී පෙනේ.   

අසන්ත ද මෙල් මහතා තව දුරටත් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරයි. හිටපු සාමාජිකයන් වන චමින්ද මෙන්ඩිස් සහ විනෝදන් ජෝන් යන මහත්වරු තව දුරටත් සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය පසුගිය අගෝස්තු මස අවසන් වූ අතර තිදෙනකුගෙන් යුත් පැවැති කමිටුවට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළත් කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා මේ වන විට යොමුකර තිබේ.  
 
අසන්ත ද මෙල් මහතා 2018 වසරේ නොවැම්බර් මස තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්වූ අතර එහි සෙසු සාමාජිකයන් වූ බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න සහ චන්දික හතුරුසිංහ යන මහත්වරුන්ට පසුගිය වසරේ (2019) අගෝස්තු මස සාමාජිකත්වය අහිමිවූහ.

එංගලන්තයේදී පසුගිය වසරේ මැද පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වීම හේතුව යැයි පවසමින් බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න යන මහත්වරු තේරීම් කමිටුවෙන් ඉවත්කිරීමට පියවර ගත්තේය.  

 


අදහස් (1)

ප්‍රමෝද්‍ය ක්‍රිකට් තේරීම් කමිටුවට එයි
  • Keppetipola Saturday, 12 September 2020 12:04 PM

    මොහු ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ඉතා දුර්වල පන්දු යවන්නෙකි. එදා ඕස්ට්‍රේලියාව වැනි රටවල​ දුර්වල පිතිකරුවන් පවා මොහුගේ පන්දුවලට එලව එලවා පහර දුන්නා කාටත් හොඳින් මතකයි​. මෙවැනි කෙනෙකු කාගේ හරි පන්දමකට ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කිරීමෙන් අපේ ක්‍රීඩකයින්ට කිසිම සෙතක් වෙන්නේ නැත...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.