Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික පුහුණුකරුගේ සේවය ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කරලා නෑ

ජාතික පුහුණුකරුගේ සේවය ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කරලා නෑ

editorial - 2020 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ හිටපු ජාතික පුහුණුකරුගේ සේවය ලබා ගැනීම කිසිදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ප්‍රතික්ෂේප නොකළ බවත් ඔහුගේ සේවය පිළිබඳව පැමිණිලි නොලැබුණු බවත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා පිටුවේ ‘බැඞ්මින්ටන් ජාතික පුහුණුකරු බඳවා ගැනීම අලුත් සැලැස්මකට’ යන ශීර්ෂය යටතේ පසුගිය 16 වැනිදා පළවූ පුවත පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය වැඩි දුරටත් මෙසේ ද පවසයි.

ජාතික පුහුණුකරුගේ සේවය ලබාගැනීම කිසිදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ප්‍රතික්ෂේප නොකළ අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට කිසිදු ක්‍රීඩකයකුගෙන් පැමිණිල්ලක් ලැබුණේ නෑ. ඇත්ත වශයෙන්ම ජාතික පුහුණුකරු ඉවත්ව යෑම පිළිබඳව ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ සංචිතවල සියලු ක්‍රීඩකයන් පෞද්ගලිකව කණගාටුවෙනවා.

කොන්ත්‍රාත්තුව අනුව ඔහුගේ වැටුප ගෙවීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය බැඳී සිටිනවා. හිටපු පුහුණුකරු සැළසුම්වලට අනුව වැඩ නොකළ බව එම පුවත් පත් වාර්තාවේ සඳහන්ව තිබුණා. ඇත්ත වශයෙන්ම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනාගැනීමේ ප්‍රතිඵලය දක්වා කණ්ඩායම පුහුණු කළේ ඔහුයි. ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ඊට පෙර එවැනි ජයග්‍රහණයක් ලබා තිබුණේ නෑ.

සියලුම පුහුණුකරුවන්ට සැළසුම් සහ ඉලක්ක දෙන්නේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයයි.  අදාල කාලය තුළ ඒවා සම්පූර්ණ කිරීමට ඒ අනුව ඔහුන් උත්සාහ කරනවා” යැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයෙන් එවන ලද පැහැදිළි කිරීමේ වැඩි දුරටත් සඳහන් වේ.  

 


අදහස් (0)

ජාතික පුහුණුකරුගේ සේවය ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කරලා නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.