Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නීති නොදැනීම පසුබෑමට හේතුවයි

නීති නොදැනීම පසුබෑමට හේතුවයි

Nisanka Sandeepani - 2018 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විශිෂ්ට ක්‍රීඩා ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාව (විශේෂයෙන් මලල ක්‍රීඩාව) ප්‍රබල  සුබැස්මකට ලක්ව ඇති බවත් ඊට ප්‍රධානම හේතුව ලෙස තමා දකින්නේ බොහෝ පිරිසක් ක්‍රීඩාවේ නීති රීති පිළිබඳ නිවැරදි අවබෝධයක් නොනමැති වීම බවත් ඔලිම්පික් රීදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (ක්‍රීඩා) සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන සුනිල් ජයවීර මහතාත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ පිළිගත් තාක්ෂණික නිලධාරියෙකු වන ජී.එල්.එස්. සැම්සන් මහතාත් එක්ව සම්පාදනය කරන ලද මලල ක්‍රීඩා නීති රීති (2018-2019) සිංහල ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් පැවැති උත්සවයක විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙසේ පැවසුවාය. මෙම උත්සවය කොළඹ පාපන්දු මූලස්ථානයේ ශුවණාගාරයේ පැවත්විණ. 
ඕනෑම ක්‍රීඩාවක පවතින නීති රීති පිළිබඳ පළුල් දැනුමක් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ඊට දායක වන සියලු පාර්ශ්ව වලට තිබිය යුතු නමුත් ශ්‍රී ලංකාවේ බහුතරයකට ක්‍රීඩා නීති රීති පිළිබඳ අවබෝධයක් නැති බවත් බොහෝ සිද්ධීන් වලින් පෙනී යන බවද ඇය පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී තවදුරටත් කරුණු දැක්වූ ජයසිංහ මහත්මිය, පැවති ක්‍රීඩා නීති රීති මෙන්ම දිනෙන් දින අලුත් වන නීති රීති පිළිබඳ දැනුම අලුත් නොවීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ අසාධාරණ තීන්දු තීරණ වලට ලක්වන බව පැවසුවාය. 

මීට වසර දෙකකට ඉහතදී මලල ක්‍රීඩා ඉසව්වක පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් එහි හිමිකාරියට අහිමි වූයේ නිලධාරීන්ට නීති රීති පිළිබඳ දැනුවත්බවත් නොතීබීම නිසා බව ඇය සඳහන් කළාය.

මලල ක්‍රීඩාවේ ප්‍රවීණයෙකු වන සුනිල් ජයවීර සහ ජී.එල්.එස්. සැම්සන් යන මහත්වරුන් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් සිංහල භාෂාවෙන් නිකුත් කරන ලද මෙම ක්‍රීඩා නීති රීති ග්‍රන්ථය වර්ථමානයේ සහ අනාගත පරපුරට මහත් රුකුලක් වනු ඇතැයිද සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය. 


අදහස් (0)

නීති නොදැනීම පසුබෑමට හේතුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.