Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික මලල ක්‍රීඩා තරගාවලිය 31 දා සිට

ජාතික මලල ක්‍රීඩා තරගාවලිය 31 දා සිට

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 95 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා  දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ​ පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 ක් පමණ සහභාගි වීමට නියමිත අතර මෙය විවෘත තරගාවලියක් වන බැවින් මලල ක්‍රීඩාවේ නිරත වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඊට  සහභාග විය හැකිය.

මේ මස 31 වැනිදා සිට තරගාවලිය පැවැත්වෙන දින තුනේදීම උදෑසන 9.00 සිට තරග ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ. මෙම තරගාවලිය පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ තේරීම් තරගයක් ලෙස නොසැලකෙන අතර හුදෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික දක්ෂතා දැක්විය හැකි තරගාවලියක් ලෙස පැවැත්වේ.


- 036

 


අදහස් (1)

ජාතික මලල ක්‍රීඩා තරගාවලිය 31 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.