Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට ඩයලොග් අනුග්‍රහය

ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට ඩයලොග් අනුග්‍රහය

editorial - 2021 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන, පැරා මලල ක්‍රීඩා ගෝන් ප්‍රී තරගාවලියට සහභාගීවන 8 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසියාටා පී.එල්.සී සමාගම ඉදිරිපත්ව සිටී. මේ වසරේ ටෝකියෝහිදී පැවැත්වෙන පැරලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය මේ මස 6 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වේ.

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (එෆ්.64 - වෛද්‍ය වර්ගකිරීම) ලෝක පැරා මලල ක්‍රීඩා ගෝන් ප්‍රී තරගාවලියට ඉදිරිපත් වන සම්පත් හෙට්ටිආරච්චි විසින් මෙම කණ්ඩායමට නායකත්වය දෙයි. ඊට අමතරව ගාමිණී ඒකනායක (එෆ්.46 කාණ්ඩය - හෙල්ල විසිකිරීම), මධුරංග සුබසිංහ (ටී.47 කාණ්ඩය - මීටර 400), පාලිත බණ්ඩාර (එෆ්.42 කාණ්ඩය - යගුලිය විසිකිරීම), කුමුදු ප්‍රියංකා (ටී.එෆ්.45/46 කාණ්ඩය - දුර පැනීම සහ මීටර 100) සහ ඉන්දුමතී කරුණාතිලක (ටී.එෆ්.46 කාණ්ඩය - දුර පැනීම සහ මීටර 400) ශ්‍රී ලංකාව නියෝජනය කරන සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

මෙවර පැරා මලල ක්‍රීඩා ගෝන් ප්‍රී තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කමක් දිනාගැනීමට හැකිවුවහොත්, ටෝකියෝ පැරලිම්පික් උළෙල සඳහා සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇත. රටවල් 134 ක සහභාගීත්වයෙන් ටෝකියෝ හිදී පැවැත්වෙන පැරලිම්පික් තරගාවලිය සඳහා මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ තිදෙනෙක් සුදුසුකම් සපුරා සිටිති.

මේ වනවිට ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු ක්‍රීඩාවන්හි ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා ලෙසින් ඩයලොග් ආසියාටා සමාගම කටයුතු කරයි. එමෙන්ම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය, ජාතික ජේෂ්ඨ සහ කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය, රග්බි ක්‍රීඩා සමාජ, ප්‍රිමියර් පාපන්දු, පාසල් ක්‍රිකට්, කනිෂ්ඨ වොලිබෝල් ආදී තරග අංශ සහ ඉසව් වෙනුවෙන්ද ඩයලොග් ආසියාටා සමාගම අනුග්‍රහය දක්වනු ලබයි.

යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල සහ ජාතික පැරා ක්‍රීඩා උළෙලට මෙන්ම ඔලිම්පික් සහ ලෝක පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා නියෝජනයන් වෙනුවෙන්ද අනුග්‍රහය දක්වන ඩයලොග් ආසියාටා සමාගම මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල දායකත්වයක් දෙන සමාගමකි. 

ඉහළ පෙළ -

එච්.සී. සම්පත් හෙට්ටිආරච්චි (නායක), එච්.එම්. දිනේෂ් ප්‍රියන්ත, එච්.ජී. පාලිත බණ්ඩාර, කේ.ඒ. සමිත දුලාන් සහ කේ.ජී. ගාමිණී ඒකනායක

පහළ පෙළ - 

එම්.ජී. නුවන් ඉන්දික, ඩී.එම්. කුමුදු ප්‍රියංකා, එස්.එම්.ඒ. සමන් මදුරංග සුබසිංහ, එල්.පී.ජී. අමරා ඉන්දුමතී කරුණාතිලක සහ සී.එන්. බුද්ධික ඉන්ද්‍රපාල


අදහස් (0)

ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට ඩයලොග් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.