Last Update  :  2025-11-06 17:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාව නේපාලයට පරදී

ශ්‍රී ලංකාව නේපාලයට පරදී

editorial - 2025 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල්  (වයස 18 න් පහළ - බාලිකා) සිව් කොන් තරගාවලියේ ඊයේ (5) ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ සිය දෙවැනි තරගයෙන් නේපාලයට වට 3 - 1 ක පරාජයක් ලැබීය. ඒ ලකුණු 18/25 -24/26 - 25/19 -20/25 ක් පරිදිය.

ශ්‍රී ලංකාව අද (6) පස්වරු 4.30 ට තරගාවලියේ මූලික වටයේ සිය තෙවැනි තරගයට කිරිගිස්ථානයට එරෙහිව සහභාගි වේ. තරගාවලියේ මූලික වටය එයින් නිමාවට පත් වේ. ඊට පෙර අද පස්වරු 2 ට මාලදිවයින හා නේපාලය අතර තවත් තරගයක් පැවැත්වේ.

ඊයේ පැවැති තවත් තරගයකදී කිරිගිස්ථානය විසින් මාලදිවයින වට 3 - 0 (25/21 -25/ 05 - 25/21) කින් පරාජය කරන ලදී.තරගාවලියේ අවසන් පූර්ව වටය සෙනසුරාදා (8) පැවැත්වේ.සිව් කොන් තරගාවලියක් වන බැවින් අවසන් පූර්ව වටයට කණ්ඩායම් හතරම නැවැත ප්‍රවේශ වේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව නේපාලයට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.