Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පතිරගේ
බංග්ලාදේශයේ ඩැකා නුවරදී බදාදා (22) ආරම්භ වන මධ්‍යම ආසියානු ජාතින්ගේ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ මූලික වටයේ සිය පළමු තරගයට ශ්‍රී ලංකාව එදින ඇෆ්ගනිස්තානයට එරෙහිව සහභාගි වේ. තරගාවලියට සහභාගි වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
රටවල් හයක් ඊට සහභාගි වේ. තරගාවලිය ඔක්තෝබර් 29 වැනිදා දක්වා පැවැත්වේ.
මෙය මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ බී කාණ්ඩයේ තරගාවලියකි. එහි ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම වන්නේ මේ වන විට මධ්‍යම ආසියානු කලාපයේ බී කාණ්ඩයට පහත වැටී සිටින ශ්‍රී ලංකාවට එහි ‘ඒ‘ කාණ්ඩයට පිවිසීමට යළිත් අවස්ථාවක් එයින් උදාවී තිබෙන බැවිනි. ඒ මෙම තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙකම මධ්‍යම ආසියානු කලාප ඒ කාණ්ඩයට නිර්දේශ ලබන බැවිනි.
ශ්‍රී ලංකාව මධ්‍යම ආසියානු කලාපයේ ඒ කාණ්ඩයේ රටවල් අතර කල් ගෙවමින් සිටියදී මෙසේ බී කාණ්ඩයට පහත හෙළා ඇත්තේ මෙම වසරේ මුලදී පැවැති මධ්‍යම ආසියානු ප්‍රධානතම වොලිබෝල් (පිරිමි) තරගාවලියට සහභාගිවීමෙන් වැළකී සිටි නිසාය. මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ සාමාජික රටවල් අතරින් ඉහළම රටවල් හත ඒ කාණ්ඩයට ගැනේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වන කාලික වසන්තප්‍රිය මහතා කටයුතු කරයි. ඔහු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම් ලබන්නේ පළමු වතාවටය. ඔහුගේ පුත් ක්‍රීඩක ළසිදු මෙත්මල් වසන්තප්‍රිය මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි.
මධ්‍යම ආසියානු වොලිබෝල් ජාතීන්ගේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම : -
අයේෂ් දිල්හාන් පෙරේරා (නායක), ලසිදු මෙත්මල් වසන්තප්‍රිය, චරිත් උදයංග සොයිසා, එල්.ඒ. දුලංජන් සංදීප, දීප්ති රොමේෂ් රණවක, අකිදු සත්සර නිමේෂන සුබසිංහ, ෂශීක ලක්ෂාන් කැළණියගේ, වසන්ත ලක්මාල් හේවගේ, ඒ.කේ. ජී. නලීන් සංජීව කරුණාරත්න, එස්.එච්. මංජුල නලීන්, යූ.ළහිරු මධුවන්ත රුද්‍රිගු, මොහොමඩ් තවුෆික් තාහීර්, තිලංගරාජා ගෝවින්දරාසූ, ශෙහාන් විමුක්ති සාගර.
නිලධාරීන් : - කළමනාකරු : - තේනුක මළින්ද කාරියවසම් රණවීර, ප්‍රධාන පුහුණුකරු : - කාළික වසන්තප්‍රිය, සහාය පුහුණුකරු : -ප්‍රදීප් මිල්රෝයි වර්ණකුලසූරිය, අභ්‍යාසක : ෂමිල් මලින්ද සිල්වා, විනිසුරු : -ඒ.ඩී.ඉන්දික ප්‍රදීප් නිෂාන්ත සිල්වා යන මහත්වරුන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.