Last Update  :  2025-10-17 19:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball මැලිබන් - මාස් කැෂූවලයින් සුපර් ලීග් කුසලාන දිනයි

මැලිබන් - මාස් කැෂූවලයින් සුපර් ලීග් කුසලාන දිනයි

editorial - 2025 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

වෙන්නප්පුව ඇල්බට් එෆ්.පීරිස් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ වෙ​ෙළද සේවා වොලිබෝල් තරග මාලාවේ සුපර් ලීග් පිරිමි ශූරතාව මැලිබන් කණ්ඩායම විසින් පළමු වතාවට දිනා ගන්නා ලදී.

ඒ ගියවර ශූරතාව දිනා ගත් ඕෂන් ලංකා කණ්ඩායම පරාජය කරමිනි.එහිදී මැලිබන් කණ්ඩායමේ ක්‍රීඩකයන් විශේෂ සම්මාන හතෙන් පහක්ම දිනා ගැනීමට සමත්වීමත් කැපී පෙණුනි.සුපර් ලීග් කාන්තා ශූරතාව විශේෂ සම්මාන හතෙන් හයක්ම හිමි කර ගනිමින් දිනා ගත්තේ මාස් කැසුවලයින් කණ්ඩායම විසිනි.

ශූරතා කාණ්ඩයේ තරගාවලියේ කාන්තා ශූරතාවත් මාස් කැසුවලයින් ආයතනය නියෝජනය කළ කණ්ඩායම දිනා ගනිද්දී එහි පිරිමි ශූරතාව ඕශන් ලංකා කණ්ඩායමට අත් විය. වෙෙළද සේවා වොලිබෝල් සංගමය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණයෙන් තරගාවලිය සංවිධානය කර තිබුණි.

 

අවසන් මහ තරග ප්‍රතිපල

ශූරතා කාණ්ඩය

* පිරිමි : - ඕශන් ලංකා කණ්ඩායම විසින් මැලිබන් කණ්ඩායම වට 3- 2 කින්  (25/22 - 25/22 - 20/25 -25/27 - 15 -13) පරාජය කරන ලදී.

* දක්ෂතම ක්‍රීඩකයා : -ඩබ්.එන්.පී.වීරසිංහ ( ඕශන් ලංකා)

* තෙවැනි ස්ථානය : - ගුවන් තොටුපොළ හා ගුවන් සේවා කණ්ඩායම

* කාන්තා : - මාස් කැෂුවලයින් කණ්ඩායම විසින් ඔමේගා ලයින් කණ්ඩායම වට 3 - 0 කින් (25/18 - 25/15 - 25/19)

* දක්ෂතම ක්‍රීඩිකාව : - පාරින්දී දිසානායක (මාස් කැෂුවලයින්)

*තෙවැනි ස්ථානය : - අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් එසන්ටියල්ස් කණ්ඩායම.

 

(සුපර් ලීග් කාන්ඩය)

* පිරිමි : - මැලිබන් කණ්ඩායම විසින් ඕෂන් ලංකා කණ්ඩායම වට 3 - 0 කින් (33/31 - 25/23 - 29/27) පරාජය කරන ලදී.

* දක්ෂතම ක්‍රීඩකයා - එල්.ඒ.ඩී.සංදීප  (මැලිබන්)

* තෙවැනි ස්ථානය : -බෙස්ට් ෆැසිෆ්ක් කණ්ඩායම.

* කාන්තා : -මාස් කැෂුවලයින් කණ්ඩායම විසින් හයිද්‍රාමණී  කණ්ඩායම වට 3 - 0 කින් ( 25/22 - 25/14 - 25/16) පරජය කරන ලදී.

* දක්ෂතම ක්‍රීඩිකාව : - සචිනී මධුවන්තී (මාස් කැෂුවලයින්)

* තෙවැනි ස්ථානය : -මැලිබන් කණ්ඩායම


අදහස් (0)

මැලිබන් - මාස් කැෂූවලයින් සුපර් ලීග් කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.