Last Update  :  2025-11-23 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් අවසන් තරග 10 ක් අද - හෙට

ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් අවසන් තරග 10 ක් අද - හෙට

editorial - 2025 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන සුපර් ස්පෝට්ස් අන්තර් පාසල් වොලිබෝල් තරග මාලාවේ (2025) අවසන් මහ තරග අද - හෙට (15 - 16) කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. එහිදී අද පෙරවරු 8.30 සිට තරග ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම තරගමාලාව සදහා දිවයිනේ පාසල් කණ්ඩායම් 3000 ක් පමණ සහභාගි විය.ඩී.එස්.අයි.සන්නාමය යටතේ ඩී.සැම්සන් සහ පුත්‍ර සමාගම මෙවරත් තරගාවලියට අනුග්‍රාහය දක්වයි.

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විදුහල අවසන් මහ තරග තුනකට නිර්දේශ ලබා ගැනීමේදී වයස 19 න් පහළ කාණ්ඩයේ බාලක හා බාලිකා අවසන් මහ තරග දෙකටම එසේ නිර්දේශ ලැබීම කැපී පෙනේ.  

ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහ විදුහල හා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික  මහ විදුහල අවසන් මහ තරග දෙකකට සුදුසුකම් ලබා සිටියි.එහෙත් නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල පසුගිය තරග මාලාවේදී (2024) අවසන් මහ තරග පහකට ප්‍රවේශ වෙමින් ශූරතා හතරක්ම දිනා ගැනීමට සමත් විය.

ජය සංකේත ප්‍රදානෝත්සවය හෙට පස්වරු 4.30 ට සිදු කෙරේ.මෙම අවසන් මහ තරග සියල්ලම ස්වාධීන (අයි.ටී.එන්.) රූපවාහිනී සේවය ඔස්සේ සජීවිව විකාශය කිරීමට නියමිතය.

 

අවසන් මහ තරග පැවැත්වෙන ආකාරය

නොවැම්බර් 15

*වයස 11 න් පහළ (බාලිකා): - පෙරවරු 8.30 - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල හා දුක්කන්නාව කනිෂ්ඨ විදුහල අතර, (බාලක) : - පෙරවරු 9.30 - බෙන්තොට ගාමිණී ජාතික පාසල හා ඇල්පිටිය ප්‍රාථමික විදුහල අතර.

*වයස 13 න් පහළ (බාලිකා): - පෙරවරු 10.30 - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල හා ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල අතර (බාලක) : - පෙරවරු 11.30 - වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල හා ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහ විදුහල අතර.

* වයස 15 න් පහළ (බාලිකා):- පස්වරු 2 -  -නාත්තන්ඩිය ජනාධිපති ජාතික පාසල හා මාබිම විද්‍යාකර මහ විදුහල අතර.(බාලක): - පස්වරු 4.10 - හලාවත ශාන්ත මරියා විදුහල හා ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහ විදුහල අතර.

 

නොවැම්බර් 16

* වයස 17 න් පහළ (බාලිකා): - පෙරවරු 8 - මහව විජයබා මධ්‍ය මහ විදුහල හා හුංගම විජයබා ජාතික පාසල අතර (බාලක): - පෙරවරු 10 - වලස්මුල්ල ජාතික පාසල හා රුවන්වැල්ල රාජසිංහ ජාතික පාසල අතර.

* වයස 19 න් පහළ (බාලිකා): - දහවල් 12.30 - හුංගම විජයබා ජාතික පාසල හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල අතර (බාලක) : - පස්වරු 2.20 - රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල හා නාත්තන්ඩිය ජනාධිපති ජාතික පාසල අතර.


අදහස් (0)

ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් අවසන් තරග 10 ක් අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.