Last Update  :  2026-05-20 19:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball කාන්තා කණ්ඩායමට ඇමැතිගේ හිත උණු වෙයි
මධ්‍යම ආසියානු වොලිබෝල් තරග සංචාරය

කාන්තා කණ්ඩායමට ඇමැතිගේ හිත උණු වෙයි

editorial - 2026 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නේපාලයේ කත්මන්ඩු නුවරදී මැයි 22 වැනිදා ආරම්භ වන මධ්‍යම ආසියානු වොලිබෝල් (කාන්තා) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව මැයි 23 වැනිදා කසකස්ථානය සමග සිය පළමු තරගයට සහභාගි වෙයි. මෙම තරගාවලිය එදින සිට මැයි 29 වැනිදා දක්වා රටවල් 12 ක සහභාගිත්වයෙන් කත්මන්ඩු නුවරදී පැවැත්වෙයි.

මෙම තරගාවලියේ ශූරියන් හා අනුශූරියන් වන කණ්ඩායම් ලබන වසරේදී (2027) ආසියානු ශූරතා වොලිබෝල් (කාන්තා)  තරගාවලියට නිර්දේෂ ලබයි.

ශ්‍රී ලංකාව මූලික වටයේදී ‘බී‘ කාන්ඩයෙන් තරග වදියි. ඉරානය සමග මූලික වටයේ සිය දෙවැනි තරගයට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ මැයි 24 වැනිදාය.ඒ අනුව බී කාන්ඩයේදී ශ්‍රී ලංකාව මැයි 25 වැනිදා බංග්ලාදේශය සමග තවත් තරගයකට එක් වෙයි.

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා වොලිබෝල්  (කාන්තා) කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශය ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් ලබාදීමෙන් අනුග්‍රහය දක්වයි. කෙසේවූවත් මැයි 12 වැනිදා උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී ආරම්භවීමට නියමිතව තිබූ මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 18 න් පහළ) තරගාවලියට නිර්දේශ ලැබූ ශ්‍රී ලංකා බාලක හා බාලිකා කණ්ඩායම් දෙක සදහා වියදම් ලබාදීම ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රතික්ෂේප කිරීමෙන් එම සංචාරය අත් හැර දැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කළේය.

 

මධ්‍යම ආසියානු වොලිබෝල් (කාන්තා) තරගාවලියට  සහභාගි වන ශ්‍රී ලංකා වොලිබෝල් (කාන්තා) කණ්ඩායම : -

එස් ඩී.ජී.එස්.සේනරත්න, එච්.පී.එන්.එස්.ගුණවර්ධන, ඒ.එම්.පී.පී.අබේසිංහ, ජී.ජී.ටී.එම්.වසන්තප්‍රිය, කේ.එම්.සී.ඒ.වසන්ති, ජේ.තිලක්ෂනා, ඊ.එම්.එස්.කරුණාරත්න, ඩබ්.කේ.පී.බාෂීනී, ආර්.පී.ඩී.නෙත්සරා, ඩබ්, එස්.ආර්.හදපාන්ගොඩ, ඩබ්.ඒ.සී.ජයතුංග, එච්.පී.ඩී.සී.රනවීර, එච්.පී.කේ.ඒ.ගල්කොටුව හා ඩබ්.එම්.ජී.ජී.එන්.එච්.වීරකෝන්

කළමනාකරු : - සී.එම්.කාරියවසම්, පුහුණුකරු : -ජී.ඒ.ඊ.විජේපාල, සහය පුහුණුකරු : -එන්.ඒ.යූ.රුක්මල්, අභ්‍යාසක : - පී. කේ.යූ.පෙරේරා, ක්‍රීඩිකාවන් භාර නිලධාරීනී : - ජේ.ඒ. ආර්.නිල්මිණී


අදහස් (0)

කාන්තා කණ්ඩායමට ඇමැතිගේ හිත උණු වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.