Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායමේ දක්ෂතම කෙටි පන්දු ප්‍රහාරකයකු වන මලිත් දිනිදු හෘදයාබාධයකින් ඊයේ (28) හදිසියේ අභාවප්‍රාප්ත විය.මිය යන විට ඔහු 30 හැවිරිදි වියේ පසු විය.
පූගොඩ මීවිටිගල කනිෂ්ඨ පාසලෙන් සහ දොම්පේ සියනෑ ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ මොහු රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සාමාජය සහ ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවට එක් විය.
පසුව වෘත්තීය මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයකු ලෙස ගුවන් හමුදාව,වරාය අධිකාරීය සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවේ නිරත විය.
වසර 2018 සිට ජාතික කණ්ඩායමේ කෙටි පන්දු ප්‍රහාරකයකු ලෙස ක්‍රීඩා කළ මලිත් දිනිදු ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට පුළුල් මෙහෙවරක් කළ ක්‍රීඩකයකු ලෙස පිළිගැනේ.
ඒ අතුරින් 2018 වසරේදී මෙරට පැවැති පළමු ආසියානූ අභියෝග ශූරතා වොලිබෝල් (පිරිමි) තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ, 2019 වසරේ නේපාලයේදී පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වොලිබෝල් (පිර්මි) ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ 2023 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති මධ්‍යම ආසියානු අභියෝග ශූරතා කුසලාන (පිරිමි) වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස එම ජාත්‍යන්තර ජයග්‍රාහණ සදහා ඉහළම දායකත්වය ලබා දුන්නේය.
වසර 2018 සිට 2023 දක්වා මලිත් දිනිදු ක්‍රීඩකයා ශ්‍රී ලංකා ජාතික (පිරිමි) කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර වොලිබෝල් තරගමාලා 10කට පමණ සහභාගිවී තිබේ.
මෙම ක්‍රීඩකයාගේ හදිසි අභාවය මෙරට වොලිබෝල් ක්‍රීඩාවට දැරිය නොහැකි පාඩුවක් බව වොලිබෝල් සම්මේලනය ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි. මලිත්ගේ අවසන් කටයුතු හෙට (30) පස්වරුවේදී කපුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.දේහය කපුගොඩ, ගින්දර අංක 168 දරන නිවසේ නිවසේ තැන්පත් කර ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.