Last Update  :  2025-01-12 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball අවසන් තරග දෙකටම වරාය අධිකාරිය

අවසන් තරග දෙකටම වරාය අධිකාරිය

editorial - 2025 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ශූරතා මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ (2024) අවසන් මහ තරග අද (4) පස්වරු 1සිට වෙන්නප්පුව ඇල්බට් එෆ්.පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මෙම අවසන් මහ තරග දෙකටම වරාය අධිකාරියේ කන්ඩායම් නිර්දේශ ලබා ගැනීමට සමත්වීම කැපී පෙනේ.

ඒ සදහා පිරිම් කාණ්ඩයෙන් කණ්ඩායම් 11ක් හා කාන්තා කාණ්ඩයෙන් කණ්ඩායම් හයක්ද සහභාගි වූහ.ගිය වර (2023) කාන්තා කුසලාන දිනූ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය මෙවරත් එය රැක ගැනීමේ අපේක්ෂා ඇති කර ගනිමින් කාන්තා අවසන් මහ තරගයට තේරී  සිටියි.

එහෙත් ගිය වර සුපර් ලීග් පිරිමි ශූරතාව දිනූ යුද හමුදා ක්‍රීඩා සමාජය මෙවර තෙවැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ.සිලෝන් මංචි බිස්කට් සමාගම මෙවරත් තරගාවලියට අනූග්‍රහය දරයි.එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නලීන් කරුණාරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය   ෂේමාල් ප්‍රනාන්දු, මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මහ ලේකම් ඒ.එස්. නාලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගි වෙති.

කාන්තා කණ්ඩායම් හයක් හා පිරිමි කණ්ඩායම් 11 තරගාවලියට සහභාගි වූහ.

 

අවසන් මහ තරග අද (4) පැවැත්වෙන ආකාරය
පස්වරු 1 ට   කාන්තා අවසන් මහ තරගය - ගුවන් හමුදා කණ්ඩායම හා වරාය අධිකාරී කණ්ඩායම අතර.
පස්වරු 3ට  පිරිමි අවසන් මහ තරගය -  වරාය අධිකාරි කණ්ඩායම හා විදුලි බල මණ්ඩල කණ්ඩායම අතර.


අදහස් (0)

අවසන් තරග දෙකටම වරාය අධිකාරිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.