Last Update  :  2024-05-21 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත අන්තෝනි විදුහලට ලකුණු 109 ක ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට ලකුණු 109 ක ජයක්

editorial - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 109 ක පහසු ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ ගිහාන් ඊබට් (71) සහ කවිඳු ෂෙහාන් (50) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම නිම්නක ජයතිලක ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගත්තේය.

ශාන්ත අන්තෝනි විදුහල  - ඕවර 42 කදී කඩුලු 9 ක් දැවී 220
(ගිහාන් ඊබට් 71, කවිඳු ෂෙහාන් 50, ප්‍රවීන් රාමයියා 21, චමිඳු වික්‍රමසිංහ 20, අකිඳු කරුණාරත්න 42/3, හසිඳු කවිරත්න 29/2)
 
ශාන්ත බෙනඩික් විදුහල - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී 111
(තේනුක නන්දලාල් 44, නිමේෂ් සොයිසා 34, නිම්නක ජයතිලක 22/5, ජයෝද්‍ය දම්සර 11/2)

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට ලකුණු 109 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.