Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ශාන්ත ඇලවීෂියස් විදුහල කඩුලූ 5 කින් ජයගනී

ශාන්ත ඇලවීෂියස් විදුහල කඩුලූ 5 කින් ජයගනී

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෝලන්ගමුව ඩඞ්ලි සේනානායක මැදි විදුහල සහ රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල අතර රත්නපුර සීවලී ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පැරබෝලා ක‍්‍රමයට අනුව කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.

එහිදී රුවිඳු දිදුලක සහ නඳුන් ලියනගේ කඩුලූ 3 බැගින් දවාගනිමින් ඩඩ්ලි සේනානායක මැදි විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.

 
ඩඩ්ලි සේනානායක මැදි විදුහල -  ඕවර 45.3 කදී සියලූ දෙනා දැවී 131  
(මලීෂ චමෝද් 37, රුවිඳු දිදුලක 26/3, නඳුන් ලියනගේ 33/3, කවිඳු ගුණසේකර 21/2)

ශාන්ත ඇලවීෂියස් විදුහල -  ඕවර 32.2 කදී කඩුලූ 5 ක් දැවී 113  
(හරිත ජයසූරිය 32, ලිස්මිත වහලතන්තී‍්‍ර 21, රවිඳු දිල්ෂාන් 33/2)

-036

 


අදහස් (0)

ශාන්ත ඇලවීෂියස් විදුහල කඩුලූ 5 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.