Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket විශ්ව දේශාන් පානදුර මහානාමයට ජය ගෙනේ

විශ්ව දේශාන් පානදුර මහානාමයට ජය ගෙනේ

editorial - 2022 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පානදුර සුමිත් පොතුපිටිය)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස අවුරුදු 15 න් පහළ II කාණ්ඩයේ  තරගයකදී කොළඹ වෙස්ලි විදුහල් ‘බී‘ කණ්ඩායම කඩුළු 8 කින් පරදවා ජයගැනීමට පානදුර මහානාම විදුහල සමත්විය. නොදැවී ලකුණු 48  ක් රැස්කරමින් සහ ලකුණු 26 ට කඩුළු  3 ක් දවාගනිමින්  පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් පෑ පානදුර මහානාම  විදුහලේ විශ්ව දේශාන් ගේ දස්කම්  පානදුර මහානාම  විදුහලට ජයගෙන ඒමට රුකුලක් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය පානදුර මහානාම  විදුහල ඕවර 35 කදී කඩුළු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුර ගැනීමට සමත්විය.


වෙස්ලි විදුහල බී කණ්ඩායම  -  ඕවර 47.4 දී සියලු දෙනා  දැවී ලකුණු 162
(හිරුෂ ලිවේරා 33, විශ්ව දේශාන් 26/3, රසිදු දෙව්මිණ 14/2  , සත්සර දසනායක 26/2)

මහානාම  විදුහල - ඕවර 35 කදී කඩුළු 2 ක් දැවී 163
( විශ්ව දේශාන් නොදැවී 48,  අමිල දර්ශන 31, ප්‍රවීන් හේෂාන නොදැවී 26, වෙමිංග පෙරේරා 21/1 )


අදහස් (0)

විශ්ව දේශාන් පානදුර මහානාමයට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.