Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket පළමු කොටසේ තරගාවලියට කණ්ඩායම් 86 ක්
15 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට්

පළමු කොටසේ තරගාවලියට කණ්ඩායම් 86 ක්

editorial - 2023 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

 

ශ්‍රී ලංකා පසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 15 න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 86 ක් එක්ව සිටින අතර මූලික වටයේදී එම කණ්ඩායම් කාණ්ඩ 13 ක් යටතේ තරග වැදීමට නියමිතය.

එක් එක් කාණ්ඩ යටතේ ලීග් ක්‍රමය අනුව පැවැත්වෙන මූලික වටයේ තරග මෙම මස අවසන් සතියේදී ආරම්භ වෙයි. මූලික වටයේ තරග ජූලි මස 5 වැනිදාට පෙර අවසන් වනු ඇත.

සෑම කාණ්ඩයකම ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 26 ක් දෙවැනි වටයට සුදුසුකම් ලබන අතර එම කාණ්ඩවල තෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් 13 න් ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 6 කටද දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව උදාවනු ඇත. ඒ අනුව දෙවැනි වටයේ කණ්ඩායම් 32 කි.

දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට අනුව තරග පැවැත්වේ.

අවසන් වරට පැවැති වයස 15 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සම ශූරයෝ වූහ.


අදහස් (0)

පළමු කොටසේ තරගාවලියට කණ්ඩායම් 86 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.