Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_19_cricket ශාන්ත තෝමස් විදුහල කඩුලු 7 කට 193 යි

ශාන්ත තෝමස් විදුහල කඩුලු 7 කට 193 යි

editorial - 2023 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

මාතර ශාන්ත තෝමස් විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 123 වැනි ‘රුහුණු නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (24 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිට ශාන්ත තෝමස් විදුහල කඩුලු 7 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටියේය. 

එහිදී දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඔචින්ත චාමික පන්දු 231 කට මුහුණ දෙමින් ලකුණු 79 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. පන්දු 57 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 35 ක් රැස්කළ පෙසඳු සංජන, ශාන්ත තෝමස් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඔචින්තට අනගි සහායක් දුන්නේය. 

නිලකුණු ඕවර 3 ක්ද සමග ඕවර 17 ක් යැවූ තිසන් දෙව්මිත් ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගනිමින් ශාන්ත සර්වේෂස් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය. අද (25 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි. 

ශාන්ත තෝමස් පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලු 7 කට 193 
(ඔචින්ත චාමික 79, පෙසඳු සංජන 35, තිසන් දෙව්මිත් 38/4, කුෂාන් මාලින්ද 36/2) 

 


අදහස් (0)

ශාන්ත තෝමස් විදුහල කඩුලු 7 කට 193 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.