Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_19_cricket ශාන්ත ආනා විදුහල ලකුණු 130 ක් ඉදිරියෙන්

ශාන්ත ආනා විදුහල ලකුණු 130 ක් ඉදිරියෙන්

editorial - 2023 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 39 වැනි ‘ඇතුගල්පුර සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දින වූ අද (24 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මලියදේව විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 32 ක් ලබා සිටියේය. 

ඒ අනුව මලියදේව ක්‍රීඩකයෝ කඩුලු 8 ක් අතැතිව ශාන්ත ආනා විදුහලට වඩා තවත් ලකුණු 130 ක් පසුපසින් සිටිති. පළමු දිනය නිමාවට පත්වන විට චන්දූප අබේසිංහ ලකුණු 2 ක්ද, ගිෂාන් ද සිල්වා එක් ලකුණක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ආනා විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා මලියදේව විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. ශාන්ත ආනා විදුහලේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කුෂාන් සුබසිංහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් රැස්කළේ පන්දු 104 කට මුහුණ දෙමිනි.

ශාන්ත ආනා පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 164 
(කුෂාන් සුබසිංහ 26, කෙවින් නානායක්කාර 18, මනාන් මුසම්මිල් 22, මහිම කොටුවිල 24, යොමේෂ් සුබසිංහ නොදැවී 17, ගයන වීරසිංහ 35/6, දිමෙත් අබේසිංහ 75/2) 

මලියදේව පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 34 
(පසිඳු මේනක 21)

 


අදහස් (0)

ශාන්ත ආනා විදුහල ලකුණු 130 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.