Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_19_cricket ග්ලෝරි ඔෆ් ගෝල් සටන හෙට

ග්ලෝරි ඔෆ් ගෝල් සටන හෙට

editorial - 2023 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ගාල්ල විද්‍යාලෝක විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික සීමිත ඕවර තරගය හෙට (22 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ‘ග්ලෝරි ඔෆ් ගෝල්’ හෙවත් ‘ගාල්ලේ අභිමානය’ ලෙස හැදින්වෙන මෙම තරගය මෙවර පැවැත්වෙන්නේ තෙවැනි වරටය. 

මින් පෙර පැවැති තරග දෙකම ජයගෙන සිටින ඇලවීෂියස් විදුහල ජයග්‍රහණ 2-0 ක් ලෙස මේ වන විට ඉදිරියෙන් සිටින අතර මෙවර තරගයේදී සිය කණ්ඩායමේ අපරාජිත බව රැකගැනීමේ වගකීම භාෂන ද සිල්වාට පැවරී තිබේ. එහිදී විද්‍යාලෝක විදුහල් කණ්ඩායම පළමු ජයග්‍රහණය කරා රැගෙන යෑමට එහි නායකත්වය දරන රෂ්මික ප්‍රභාත් සූදානමින් සිටියි. 

අර්ධ අවසන් පූර්ව වටයේදී තර්ස්ටන් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් මෙවර අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඇලවීෂියස් කණ්ඩායම සමත්ව සිටියි. මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව එහිදී ඔවුන් තරග බිමට පිවිසීමට නියමිතය. 

ඇලවීෂියස් විදුහල මෙවර තරග වාරයේ සහභාගි වූ තරග 12 දී පූර්ණ ජයග්‍රහණ තරග 7 ක්, පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් ලබා ඇති අතර සෙසු තරග 3 දී පළමු ඉනිමේ පරාජයන් ලබා ඇත. එහිදී ඔවුන් පූර්ණ ජයග්‍රහණ ලබා ඇත්තේ මරදාන සහිරා, මාතර රාහුල, මාතර සාන්ත තොමස්, කොටහේන ශාන්ත බෙනඩික්, කොළඹ තර්ස්ටන්, අම්බලන්ගොඩ ධර්මාෂෝක සහ මහනුවර ධර්මරාජ යන විදුහල් වලට එරෙහිවය.
 
මෙවර අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ තරග වැදුණ විද්‍යාලෝක විදුහල, මූලික වටයේදී පළමු ඉනිමේ ජයග්‍රහණ 4 ක් සහ පළමු ඉනිමේ පරාජයක් ලැබූ අතර ඔවුන් ක්‍රීඩා කළ කාණ්ඩයේ දෙවැනියා ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. කෙසේ වුවත් අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත ජෝන් විදුහල් හමුවේ පරාජය වීම හේතුවෙන් ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි විය.   

 

ශාන්ත ඇලවීෂියස් විදුහල් සංචිතය 
භාෂන ද සිල්වා (නායක), දිනෙත් නිම්සර (උප නායක), ඉඳුවර උදේන, කළණ පැතුම්, කවිඳු අමරසිංහ, හසිත සුරංග, හිරාන් උද්දීප්ත, තමෝද් හංසක, එමල්ෂ පබසර, සේවිත වීරතුංග, සසිඳු රන්දීප, කුවිඳු පියුමාල්, දිල්ෂාන් කාවින්ද, ඕෂඳ දේවින්ද, දුමිඳු නවීන්, මනෙත් යෙරාන්, විදුර ලක්ෂාන්, ඉනේෂ් ප්‍රෂාන්, චාර්ය යසාර, අජන්ත කුමාර මහතා (පුහුණුකරු) සහ සමිත් ශිරෝම මහතා (සහායක පුහුණුකරු) 

 

විද්‍යාලෝක විදුහල් සංචිතය 
රෂ්මික ප්‍රභාත් (නායක), දසුන් චමෝද් (උප නායක), නිමේෂ් අවින්ද, ලිදුල නුවංග, පසන් මධුෂංක, පසිඳු සංකල්ප, උමේෂ් කාවින්ද, ප්‍රගීත් බිම්සර, සෙනිරු නිදුවර, ගීත්ම සිරිවර්ධන, සදිල් සෙනුද, තේනුක දහම්සිළු, දිලූෂ හංසමාල්, මිතිල සත්සිඳු, ඉඳුවර මෙන්ඩිස්, ගජත සහිරු, හංසක රන්දීප, ඔවිඳු අෂාන් සහ මහතා (පුහුණුකරු) 


අදහස් (0)

ග්ලෝරි ඔෆ් ගෝල් සටන හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.