Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_19_cricket කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය 24 - 25 පල්ලෙකැලේදී

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය 24 - 25 පල්ලෙකැලේදී

editorial - 2023 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය යනුවෙන් හැඳින්වෙන ධර්මරාජ - කිංග්ස්වුඩ් 116 වැනි මහා ක්‍රිකට් තරගය මේ මස 24-25 යන දෙදින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

කන්ද උඩරට පැරණිතම මහා ක්‍රිකට් තරගය මෙන්ම ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මහා ක්‍රිකට් තරඟය ලෙසින්ද සැලකෙන මෙම මහා ක්‍රිකට් තරඟය ආරම්භ වී ඇත්තේ පාසල් දෙකේ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් 1893 වසරේ දීය. එම තරඟයේදී ධර්මරාජ විදුහලට නායකත්වය දී ඇත්තේ එවකට විදුහලේ විදුහල්පති ධූරය දැරූ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලකමහතා විසිනි. කිංග්ස්වුඩ් විදුහලට නායකත්වය දී ඇත්තේ ඒ. ඊ.ස්පෙන්සර් මහතායි. මෙම තරගය බෝගම්බර ක්‍රීඩා පිටියේදී පවත්වා තිබේ.

පාසල් සිසුන්ගේ පමණක් සහභාගිත්වයෙන් මහා ක්‍රිකට් තරඟයක් පවත්වා ඇත්තේ 1899 වසරේදී වන අතර එය අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටියේදී පවත්වා තිබේ. එම තරඟය සඳහා ධර්මරාජ විදුහල වෙනුවෙන් ජේ.සි.ද මැල් විසින් නායකත්වය දී ඇති අතර කිංග්ස්වුඩ් විදුහල වෙනුවෙන් ටී.බී. මාෂල් විසින් නායකත්වය දී තිබේ.

මෙම තරගය පළමු ලෝක යුද සමයේදීත් දෙවැනි ලෝක යුද සමයේදීත් සහ පසුගිය කොවිඩ් සමයේදී අවස්ථා කීපයකදී පැවැත්වීමට නොහැකි වී තිබේ.

මෙතෙක් පැවති තරඟ 116 අතරෙන් තරඟ 33 ක ජය ධර්මරාජ විදුහල විසින්ද තරඟ 19 ක ජය කිංග්ස්වුඩ් විදුහල විසින්ද වාර්තා කොට තිබේ.  අතර ඉතිරි තරග ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ. ධර්මරාජ විදුහල අවසන් වරට ජය ලබා ඇත්තේ 2015 වසරේදී තරුෂ වේරගොඩගේ නායකත්වයෙනි. කිංග්ස්වුඩ් විදුහල අවසන් වරට ජය ලබා ඇත්තේ 1958 වසරේදී  මොරිස් ප්‍රනාන්දුගේ නායකත්වයෙනි. 

කිංග්ස්වුඩ් විදුහල මේ තරගවාරයේ තරග 12 කට මුහුණ දි තරඟ දෙකක් ජයගෙන තරග හතරක් පරාජය වී ඉතිරි තරග ජය පැරදුමෙන් තොරව නිමා කොට තිබේ.

රමේෂ් රූපසිංහගේ නායකත්වයෙන් යුතු කිංග්ස්වුඩ් විදුහල වෙනුවෙන් පිත්තෙන් වැඩිම දස්කම් දක්වා ඇත්තේ කවිජ ගමගේය. ඔහු මෙය තරගවාරයේ ලකුණු 750 ක් වාර්තා කරමින් ශතකයක් සහ අර්ධ ශතක හතරක් ඊට ඇතුළත් කර තිබේ. පානදුර රාජකීය විදුහලට එරෙහිව ඔහු ලකුණු 160ක් රැස් කොට තිබේ. 

දඟ පන්දුවෙන් දස්කම් දක්වන 14 හැවිරිදි කෙනූල පිහිලිඅංග මේ තරගවාරයේ කඩුලු 36ක් බිඳ හෙළා තිබේ . ලුම්බිණි විදුහලට එරෙහිව ලබාගත් කඩුලු 13 ඔහුගේ හොඳම පන්දු යැවීමයි. එහිදී පළමු ඉනිමේ දී 59/8 සහ දෙවැනි ඉනිමේදී 36/5 වශයෙන්ද ඔහු කඩුලු 13 ක් ලබාගත්තේය. නායක අමේෂ් රූපසිංහ කඩුලු 27ක් සහ සඳරුවන් නවරත්න කඩුලු 30ක් දවාගෙන තිබේ. 

තිසරු වන්නිනායකගේ නායකත්වයෙන් යුතු ධර්මරාජ විදුහල මේ තරගවාරයේ තරඟ 15 කට මුහුණ දී එක් තරගයක් ජයගෙන තරග තුනක් පරාජය වී ඉතිරි තරග ජය පැරදුමෙන් තොරව හමාර කොට තිබේ.

ධර්මරාජ විදුහල වෙනුවෙන් පිත්තෙන් ඉහළම දස්කම් දක්වා ඇත්තේ පලිදු පෙරේරාය. ඔහු මේ තරගවාරයේ ලකුණු 1000 සම්පූර්ණ කොට තිබේ. ඔහුගේ එම ලකුණු 1000 ට ශතක දෙකක් සහ අර්ධ ශතක 7 ක් ඇතුළත් ව තිබේ. ඔනජිත් ද සිල්වා පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 448 ක් වාර්තා කොට තිබේ. 

නායක තිසරු වන්නිනායක පන්දුවෙන් දස්කම් දක්වමින් මේ තරගවාරයේ කඩුලු 43ක් වාර්තා කොට තිබේ.  පළිදු පෙරේරා (කඩුලු 32 යි) සහ නිසල අබේරත්න (කඩුලු 29 යි) යන ක්‍රීඩකයන් ද පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.

මේ තරඟ වාරයේ දෙපිලේ දස්කම් සංසන්දනය කිරීමේ දී මෙවර මහා ක්‍රිකට් තරගයක රට කර තරඟයක් බලාපොරොත්තු විය හැකිය.

 

ධර්මරාජ සංචිතය
තිසරු වන්නිනායක (නායක) දුලාර බන්දුලසේන(උපනායක), පළිදු පෙරේරා , ඉසුරු පන්නල, මලීෂ රාජකරුණා , ඔනජිත් සිල්වා, නිසල අබේරත්න, අරෝෂ මහගෙදර, නවින් ජයවීර, රසිරු බණ්ඩාර, දක්ෂිත මනුකල්ප, කලණ හේරත්, ටිරාන් වික්‍රමරත්න , කවිඳු ගුණරත්න, තරිඳු වරුණකුලගේ, හිරුන් ගීගනගේ, චමත් බණ්ඩාර , ෂෙහාන් මාරසිංහ, ඉරුෂ ජයවර්ධන සහ දිනූක මොරගම්මන, 
චම්පික සිරිවර්ධන (ප්‍රධාන පුහුණුකරු) අමරජීව දිසානායක (ක්‍රිකට් භාර ආචාර්ය) සාලිය සමරවික්‍රම(ක්‍රීඩා භාර ආචාර්ය)

 

කිංග්ස්වුඩ් සංචිතය
අමේෂ් රූපසිංහ (නායක), කවිජ ගමගේ, රවිඳු තරින්ද, තේනුක දිසානායක, ගෞරංග බණ්ඩාර, මේනුක හේශාන්, නදීෂ ජනිත් , අමිරු අමුණුපුර, මංජුල විජේතුංග, නිකේෂල නානායක්කාර, ආදිල් ෂෙරිෆ්, දිනුක් සඳරුවන්, ශානුක කස්තුරි, බුද්ධික නාමකීර්ති, බණ්ඩාර රත්නායක, අබ්දුල් හකාම්, කෙනුල පිහිලියන්ගොඩ , යෝජිත් හෙට්ටිආරච්චි, යෝෂත් අබේකෝන් සහ රොනල්ඩ් ස්ටීවන් 
පියල් සල්ගාදු  (ප්‍රධාන පුහුණුකරු), නලින් රත්නායක (ක්‍රිකට් භාර ආචාර්ය) ලංකා ප්‍රැන්සිස් (ක්‍රීඩා භාර ආචාර්ය)


අදහස් (0)

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය 24 - 25 පල්ලෙකැලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.